බූස්ස බන්ධනාගාරයේ විශ්‍රාමික අධිකාරිවරයාට වෙඩි තැබූ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට

බූස්ස බන්ධනාගාරයේ විශ්‍රාමික අධිකාරිවරයාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළ ප්‍රධාන වෙඩික්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අද (15) ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් භාවිත කරමින් තායිලන්තය වෙත පැන යාමට උත්සාහ දරා ඇති අතර එහිදී සැකකරු කටුනායක ගුවන් තොටුපොළදී අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ ස්ථාපිත කර ඇති මුහුණු හඳුනා ගැනීමේ පද්ධතිය හරහා ඔහු මෙලෙස හඳුනාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

සැකකරු දකුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කරන්දෙණිය සුද්දා නැමැති අයගේ ප්‍රධාන වෙඩික්කරු ලෙස කටයුතු කරමින් සිටි අයෙකු බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.