සූර්ය පැනල භාවිතය තාවකාලිකව අක්‍රීය කරන ලෙස කළ ඉල්ලීම නැවත සලකා බලන්න -ලංවිම ඉල්ලීමක් කරයි

වහලය මත සවි කර ඇති සූර්ය බලශක්ති පද්ධතිය තාවකාලිකව අක්‍රීය කරන ලෙස කළ ඉල්ලීම, නැවත අවධාරණය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

ඒ අනුව ලබන 21වනදා දක්වා සෑම දිනකම පෙරවරු 09සිට පස්වරු 03 දක්වා සූර්ය පැනල පද්ධතිය අක්‍රීය කරන ලෙසයි ඉල්ලා සිටින්නේ.

ඊට හේතුව, පද්ධතිය අසමතුලිත වී විදුලිය බිඳ වැටීමකට ලක් වීමේ අවදානමක් පැවතීමයි.