මේ වන විටත් කොළඹ ජාතික අක්ෂි රෝහල වෙත රතිඤ්ඤා හෝ ගිනිකෙළි හේතුවෙන් අනතුරට පත් කිසිවෙකු වාර්තා වී නොමැති බව ජාතික අක්ෂි රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසනවා.
මෙම සාධනීය තත්ත්වය උදා කර ගැනීමට මහජනතාව ගේ සෞඛ්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීමට දායක වූ සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට හා ජනමාධ්‍ය ආයතන වෙත වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සිය ස්තූතිය පුදකරන බව සඳහන්.
එමෙන්ම මෙම තත්ත්වය ඉදිරියටත් පවත්වා ගනිමින් තම ආරක්ෂාව ගැන සිතා උත්සව සමය ගත කරන ලෙසයි වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා වැඩිදුරත් සඳහන් කර සිටියේ.