දුක කඳුළ වේදනාව වෙනුවට සතුට සම්පත රජ කරවන අවුරුද්දක් වෙනුවෙන් පෙළගැසෙන්න -විපක්ෂ නායක සජිත්-

දුක කඳුළ වේදනාව වෙනුවට සතුට සම්පත රජ කරවන නව වසරක් වෙනුවෙන් පෙළ ගැසෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නව අවුරුදු සුබ පැතුම මඟින් පෙන්වාදී තිබෙනවා.

තවද විපක්ෂ නායකවරයා සඳහන් කර සිටින්නේ මේ අලුත් අවුරුද්දේ සුපුරුදු අභියෝග සේම නුපුරුදු අලුත් අභියෝග ද අප ඉදිරිපිට තිබෙන අතර ඒවා නිසි පරිදි කළමනාකරණය කර ගෙන රටත් ජනතාවත් ප්‍රගතිය වෙත රැගෙන යාම අප සියලුදෙනා සතු සාමූහික වගකීමක් බවයි.

එවැනි අවස්ථාවල පටු මතවාදවල එල්ලී සිටීම නොකළ යුතු බව සිය අලුත් අවුරුදු පණිවිඩය මගින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙනවාදී තිබෙනවා.