කතරගම එන බැතිමතුන්ට දැනුම්දීමක්

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය අද (13) සවස 6 සිට වසා තැබීමට තීරණය කර තිබේ.

සිංහල දෙමළ අලුත් අවුරුදු උදාව වෙනුවෙන් සිදුකෙරෙන චාරිත්‍ර සඳහා දේවාලය එලෙස වසා තැබෙන බව වාර්තා වේ.

ඒ අනුව හෙට (14) දහවල් 1.00ට පූජා කටයුතු සඳහා දේවාලය යළි විවෘත කෙරෙන බව සඳහන් කෙරේ.