අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන ජනතාව සදහා අද (13) දිනයේත් මගී අවශ්‍යතාවය මත අතිරේක බස් රථ යෙදවීමට පියවර ගෙන ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය සදහන් කරයි.
ඒ අනුව කොළඹ, මාකුඹුර, කඩුවෙල සහ කඩවත යන බස් පර්යන්තවලින් අද දිනයේ ද ගම්බිම් බලා යන ජනතාව වෙත ප්‍රවාහන පහසුකම් සැපයීමට කටයුතු කරන බව ජාතික ගමනා ගමන කොමිසන් සභාවේ ධාවන හා සේවා අධීක්ෂණ අධ්‍යක්ෂ ශෙරීන් අතුකෝරල පැවසුවාය.
මේ වන විට බස් රථ යොදවා ඇති නමුත් පෙර දිනයන්ට සාපේක්ෂව මගී ඉල්ලුමක් මේ වන විට දක්නට නොමැති බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.