අප්‍රේල් 15 රජයේ නිවාඩුවක් මෙතෙක් ප්‍රකාශ කර නැහැ

2025 අප්‍රේල් 15 වැනි දින රජයේ නිවාඩු දිනයක් බවට පත් කළ බවට රජය විසින් කිසිදු නිවේදනයක් මෙතෙක් නිකුත් කර නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ ලිපි ශීර්ෂය යොදා ගනිමින් අප්‍රෙල් 15 වැනි දින නිවාඩු දිනයක් බවට පත් කරමින් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වන ප්‍රවෘත්ති අසත්‍ය බව මෙම නිවේදනයේ සඳහන් වෙයි.