ශ්‍රී ලංකාවේ දේශපාලනමය වශයෙන් වංචාව හා දූෂණය සම්පූර්ණයෙන්ම අවසන් කර තිබෙන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ශ්‍රී ලංකාවේ පවතින නව ආයෝජන අවස්ථාවන් පිළිබඳ සොයා බැලීම සඳහා කැනඩාවේ ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා සමඟ පැමිණි කැනේඩියානු ව්‍යාපාරික දූත පිරිසක් පසුගියදා අමාත්‍යාංශයේ දී හමු වූ අවස්ථාවේදීය.
නුදුරේදීම රාජ්‍ය අංශය ඇතුළුව අනිකුත් සෑම ක්ෂේත්‍රයක් තුළම මේ තත්ත්වය ඇතිකරන බැවින් විශේෂයෙන්ම විදේශ ආයෝජකයන්ට ශ්‍රී ලංකාව ඉතාමත් හොඳ ව්‍යාපාරික ස්ථානයක් බවට මේ වනවිට නව රජය විසින් විදේශීය ආයෝජකයන්ට සපයා ඇති පහසුකම් පිළිබඳ දූත පිරිස දැනුම්වත් කළ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ ඛනිජ වැලි හා ග්‍රැෆයිට් කර්මාන්ත ක්ෂේත්‍රවල අගය එකතු කිරීමට තාක්ෂණික සහාය ලබාගැනීම සඳහාත් එම ක්ෂේත්‍රවල ආයෝජනය සඳහාත් කැනේඩියානු ව්‍යාපාරික ප්‍රජාවට ආරාධනා කරන ලදි. සෑම වසරකම කැනඩාවේ ටොරොන්ටෝවල පවත්වනු ලබන ඛනිජ වැලි (Mineral Sands) ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවට ඇරයුම් කළ කැනඩා මහ කොමසාරිස් එරික් වොල්ෂ් මහතා එහි දී උසස් තත්ත්වයෙන් යුත් ශ්‍රී ලංකාවේ ඛනිජ වැලි සඳහා ඉතා හොඳ අවස්ථාවක් ලබාගත හැකි බව පැවසීය. එසේම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක තරන ÒClean Sri LankaÓ වැඩසටහන අගය කළ කැනඩා මහ කොමසාරිස්වරයා වංචාව හා දූෂණයෙන් තොර ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික අවස්ථාවන් සඳහා කැනේඩියානු ව්‍යාපාරික ප්‍රජාව දැඩි උනන්දුවකින් පසුවන බව පැවසීය.
බෝට්ටු නිෂ්පාදනය, ඛනිජ වැලි, ග්‍රැෆයිට්, අගය එකතු කළ කුලුබඩු ඇතුළු ක්ෂේත්‍ර 20ක පමණ නව ආයෝජන අවස්ථා රැසක් පවතින බව පැවසූ සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා එම ක්ෂේත්‍රවල ආයෝජනය සඳහා කැනේඩියානු ව්‍යාපාරික ප්‍රජාවට ආරාධනා කළේය. මෙම අවස්ථාවට කැනඩාවේ ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා දේශපාලන හා වෙෙළඳ උපදේශක Gwen Temmel, කැනඩාවේ ඉන්දු – පැසිෆික් කලාප සඳහා වෙෙළඳ නියෝජිත Paul J. Thoppil, ඉහළ පෙළේ කැනේඩියානු ව්‍යාපාරිකයන් සහ ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීහු සහභාගි වූහ.