කොට්ටුකච්චිය වෙල්යායේ අතරමංව සිටි වන අලි පැටවකු ගම්වාසීන් අල්ලා වනජීවී නිලධාරීන්ට ඊයේ (09) භාරදී ඇත. අලි පැටවා නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඒකකයට පසුව භාරදීමට රැගෙන යන ලදි. වනඅලියා මාස තුනකට ආසන්න කුඩා පැටවකු බව වනජීවී නිලධාරීහු පවසති. මේ දිනවල පුත්තලම දිස්ත්‍රික්කයේ ගම්වැදුන වනඅලි නැවත වනාන්තර වෙත පලවා හැරීම සිදු වෙයි. එසේ පලවා හරිමින් සිටි අලි රංචුවක අලි පැටවකු අතරමංව මෙසේ කොට්ටුකච්චිය වෙල් යායේ සැරිසරමින් සිට ඇත.
