වැලි­කඩ පොලිස් අත්අ­ඩං­ගුවේ දී මිය­ගිය සත්සරගේ දේහය යළි ගොඩ ගැනීමට නියෝගයක්

වැලිකඩ පොලිස් භාරයේ සිටියදී මියගිය තරුණයාගේ සිරුර යළි ගොඩ ගෙන ත්‍රී පුද්ගල වෛද්‍ය මණ්ඩලයක් හමුවේ යලි පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගන්නා ලෙස කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයාට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද(09) නියෝග කළේය.

ඉකුත් 1 වැනිදා රාත්‍රි­යේදී නාවල ප්‍රදේ­ශයේ නිව­ස­කට ඇතුළු වී සිටි තරු­ණ­යකු අත්අ­ඩං­ගු­වට ගැනී­මෙන් පසු කල­හ­කාරී ලෙස හැසි­රීම හේතු­වෙන් ඔහුව රෝහල් ගත කිරී­මෙන් පසු මිය ගියේය. මෙලෙස මිය ගියේ මීග­ස්කි­වුල මොර­හෙල පදිං­චිව සිටි සත්සර නිමේෂ් (25) නමැති තරු­ණ­යෙකි.

එම සිද්ධි­යට අදා­ළව විම­ර්ශන කට­යුතු අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් මේ වන­විට සිදු කරනු ලබයි.