Month March 2025

වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන පුද්ගල මළසිරුර

තොඩුවාව කුඩාමඩුවැල්ල වෙරළ තීරයේ තිබී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයාගෙන තිබෙනවා. මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බව සඳහන්. ඊයේ (28) සවස් කාලයේදී පොලිස් ස්ථානයට ලද පණිවුඩයක් මත සිදුකළ විමර්ශන අනුව මළසිරුර සොයාගත් බවයි තොඩුවාව පොලීසිය සඳහන් කළේ. මියගිය…

අදත් පළාත් කිහිපයකට වැසි සහිත කාලගුණයක්

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මි. 50ට…

අස්වැසුම පොරොත්තු ලේඛනයේ සිටින පවුල් ලක්ෂ 08කට අලුත් අවුරුද්දට වට්ටම් මිලකට ආහාර පැකේජයක්

එළැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ ජනතාවගේ ජීවන වියදම අඩු කිරීමේ සහ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණින් අස්වැසුම පොරොත්තු ලේඛනයේ සිටින පවුල් ලක්ෂ 08ක් වෙනුවෙන් සතොස අලෙවිසැල් මගින් වට්ටම් මිලකට ආහාර පැකේජයක් ලබා දීමට සැලසුම් කර තිබේ. ඒ අනුව,…

චාමර රිමාන්ඩ්-දෙකකින් ඇප / එකකින් ඇතුළට

ජාතික ඉතිරිකිරීම් බැංකුවේ බදුල්ල ශාඛාවේ කල්පිරීමට තිබූ ඌව පළාත් සභාවට අයත් ස්ථිර තැන්පතු ගිණුම් ඉවත් කරගෙන රජයට ලක්ෂ 173ක පාඩුවක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්…

තැපැල් ඡන්දය අප්‍රේල් 22-23-24

මැයි 6 වැනිදා පැවැත්වීමට නියමිත 2025 පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම අප්‍රේල් 22, 23, 24 දිනවල සිදු කෙරෙන බව ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබේ. මේ දිනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන අයට නැවත…

නාමල්ගේ ක්‍රිෂ් නඩුවෙන් දෙවැනි විනිසුරුත් ඉවත් වෙයි

රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය සඳහා ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් කලම්බු නමැති සමාගමෙන් ලබාගත් රුපියල් මිලියන 70ක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරන ලද නඩුව විභාග කිරීමෙන් දෙවැනි වරට පත්කළ විනිසුරුවරයාත් ඊයේ (27දා) ඉවත් විය. මෙම නඩුව…

හිටපු ASP උඩුගම්පොළ නිදොස්කොට නිදහස්-නඩු විභාගයට වසර 20ක්

අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ පවත්වාගෙන ගිය යුද හමුදා බුද්ධි අංශයට අයත් නිවෙස්නයක් වැටලීමෙන් රාජ්‍ය ආරක්ෂාව අනතුරේ හෙළීමේ චෝදනාව යටතේ පවරා ඇති නඩුවෙන් මහනුවර හිටපු සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි…

පාසල් ළමුන්ගේ ලිපි ද්‍රව්‍ය වවුචරයේ වලංගු කාලය දීර්ඝ කරයි

පාසල් ළමුන් සඳහා ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීමට ලබා දී ඇති රුපියල් 6000ක වවුචරයේ වලංගු කාලය දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ. ඒ අනුව මේ මස 31 දිනෙන් අවසන් වීමට නියමිතව තිබූ එහි වලංගු කාලය අප්‍රේල් මස 30 වැනි දක්වා…

අතුරුදන්ව ඇති පළාත් සභා වාහන පිළිබඳ සෙවීම අරඹයි

අතුරුදන්ව ඇති පළාත් සභාවලට අයත් වාහන පිළිබඳ සෙවීම ආරම්භ කළ බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය රුවන් සෙනරත් මහතා පවසයි. ඔහු සඳහන් කළේ, එම වාහන සම්බන්ධ විමර්ශනයට කණ්ඩායමක් ද පත් කර ඇති බවයි. පළාත් සභා සතු ආයතන, ව්‍යාපෘති සඳහා…

අගමැති මෝදිගේ ශ්‍රිලංකා සංචාරය ගැන නිවේදනයක්

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට සංචාරය ගැන ඉන්දීයානු මහකොමසාරිස් කාර්යාලය නිල නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව එළඹෙන අප්‍රේල් 04 සිට 06 දක්වා මෝදී අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වනු ඇත. මෙම සංචාරයේදී අග්‍රාමාත්‍ය මෝදි මහතා ජනාධිපති…