Month March 2025

බීර ටින් ප්‍රතිචක්‍රීකරණයට කර්මාන්තශාලා 03ක්

මෙරට පරිසරයට තර්ජනයක්ව ඇති හිස් බීර ටින් පූර්ණ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ නවීන කර්මාන්තශාලා 3ක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. දැනටමත් එක් කර්මාන්තශාලාවක් මහනුවරට නුදුරු පිළිමතලාවේ ආරම්භ කර ඇති අතර, නව කර්මාන්තශාලා තුන ඇල්ල, ගාල්ල හා නුවරඑළියේ ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.…

රාමසාන් උපවාස සමය ඇරඹෙයි

රාමසාන් උපවාස සමය අද (02) සිට ආරම්භ වෙයි. ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර් සඳහන් කළේ  ඊයේ (01) රාත්‍රී නව සඳ දර්ශනය වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි. ඒ අනුව අද සිට මාසයක කාලයක් ඉස්ලාම් බැතිමතුන් උපවාසයේ යෙදෙන බව…

දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි

නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි…

අලි මිනිස් ගැටුම පාලනයට ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමට පියවර

උතුරු මැද පළාතේ අලි මිනිස් ගැටුම පාලනයට ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව එම පළාත තුළ අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා අලි සැරිසරන ප්‍රදේශ, දැනට ඇති අලි වැට, වනාන්තර ප්‍රදේශ හා මුර කුටි ඉදිකිරීම හා GIS…

හිටපු පොලිස්පති දේශබන්දු අත්අඩංගුවට ගැනීමට නියෝග

මනුෂ්‍ය ඝාතනයකට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කර තිබෙනවා.

මේ ආණ්ඩුව වට්ටන එක හීනයක් – ජනපති අනුර කියයි

ආර්ථික අර්බුදයක් හරහා බලය ඩැහැ ගෙන මෙම ආණ්ඩුව වට්ටන බවට කවුරුන් හෝ සැලසුම් කරන්නේ නම් එය සිහිනයක් පමණක් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණි ජනාධිපතිවරයා සභාව ඇමතීම සිදු කළේය. ජනාධිපතිවරයා මෙහිදී පවසා සිටියේ ජාතික…

පාසල් පාවහන් ලබාදීමේ තිලිණපත්වල වලංගු කාලය දික් කරයි

පාසල් පාවහන් ලබාදීමේ තිලිණපත් වල වලංගු කාලය දීර්ඝ කර තිබේ. ඒ අනුව 2025 වසර සඳහා එම තිලිණපත් 2025.03.20 දක්වා දීර්ඝ කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින්  අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇත. එහි මීට පෙර සඳහන්ව ඇත්තේ, 2025.02.28 වන දිනෙන් එහි…

සා.පෙළ විභාගය ගැන දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ (2024/2025) විභාගය 2025 මාර්තු 17 වැනිදා ආරම්භ කර මාර්තු 26වැනිදා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම විභාගයට පෙනී සිටින පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර අදාළ පාසලේ විදුහල්පති වෙතද පුද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර ඔවුන්ගේ පුද්ගලික…

ඉන්ධන මිල සංශෝධනය පිළිබඳ දැනුවත් කිරීමක්

ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව ලංකා ඛණිජ තෙල් සංස්ථාව නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව මාසිකව සිදුකරනු ලබන ඉන්ධන මිල සංශෝධනය මෙවර සිදු නොවන බව එම සංස්ථාව පවසයි. ඒ අනුව මෙතෙක් පැවැති පෙට්‍රල් 92 රුපියල් 309, පෙට්‍රල් 95 රුපියල් 371, සුදු…