Month March 2025

මරදානේ චොප්පෙගේ පුතා අත්අඩංගුවට

කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ නොහොත් මරදානේ චොප්පෙගේ පුතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ දෙමටගොඩ කෙන්ට් පාරේ පිහිටි ඉඩමක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් හේතුවෙන් එම ඉඩමේ හිමිකරුට සහ දියණියට බැන මරණ තර්ජන කිරීම හේතුවෙන්. ඔහු රජයේ…

දේශබන්දුගේ චෝදනා හොයන කමිටුව පත්කිරීම ලබන 8 වැනිදා

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි විෂමාචාර චෝදනා සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීම සඳහා වූ යෝජනාව ලබන 8 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මේ අනුව එම යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීමක්ද එදිනම පැවැත්වෙනු ඇති බව සඳහන්.

“රජ ලුණු” සන්නාමය අද සිට ජනතා අයිතියට

නවීන උපකරණ සහ පහසුකම්වලින් සමන්විත අලිමංකඩ ලුණු කර්මාන්තශාලාව අද (29) ජනතා අයිතියට පත්කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා. ඉදිරියේදී රජයේ සන්නාමයක් යටතේ මේස ලුණු වෙළෙඳපොළට නිකුත් කරන බවයි එම අමාත්‍යාංශය සඳහන් කර සිටියේ. ඒ අනුව අලිමංකඩ…

රාජපක්ෂ ආණ්ඩුව ශිරාණි අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීම අනුමත කරන්නේ නෑ -මන්ත්‍රී නාමල්ගෙන් ප්‍රකාශයක්-

ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීමට මහින්ද රාජපක්ෂ රජය සමයේ ගත් තීරණය තමා අනුමත නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර තිබෙනවා. පසුගිය රජයෙන් ගත් එවැනි වැරදි තීරණ වර්තමාන රජය නොගත යුතු බවයි ඒ මහතා සඳහන් කර…

ශ්‍රී ලංකාවේ YouTube ඉතිහාසය වෙනස් කළ Wild Cookbook

YouTube අවකාශය තුළ ඉමහත් ජනාදරයක් සහ ප්‍රසිද්ධියක් හිමිකරගෙන සිටින ශ්‍රී ලාංකික සූපවේදියෙකු වන චරිත් නිපුන් සිල්වා සිය YouTube නාලිකාව වන Wild Cookbook හි ග්‍රාහකයින් මිලියන 10 සීමාව පසුකර යාමට ඊයේ (28) සමත් වුණා. ඒ අනුව YouTube අවකාශය තුළ මිලියන 10ක…

මෙරට ක්ෂය රෝගීන් ගැන අනාවරණයක්

පසුගිය වසරේ මෙරටින් ක්ෂය රෝගීන් 9200ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය සඳහන් කළේ පිරිමි රෝගීන් 5291ක් සහ කාන්තා රෝගීන් 3259ක් වාර්තා වූ බවයි. එමෙන්ම ළමා රෝගීන්ද 250ක්ද සොයාගෙන තිබෙයි. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ කොළඹ මහ නගර…

ආණ්ඩුවට මාස 6යි: තවමත් කෙඳිරි ගානවා- පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්

ණය අරගෙන රටක් කරගෙන යන්න ඕනෑද කියා අහපු අය මේ අවුරුද්දේ අය-වැය පරතරය පියවීමට ඩොලර් බිලියන 7.3ක ණයක් ගැනීමට සූදානම් වෙන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ප්‍රකාශ කළේය. සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවට සහභාගි…

රට අනුරට දුන්නේ කෙඳිරි නොගා වැඩ කරන්න-විපක්ෂ නායක

සුබ නැකතින් රට අනුරට දුන්නේ කෙඳිරි නොගා වැඩ කරන්න යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ මොනරාගල දිස්ත්‍රික් අපේක්ෂකයන් වෙනුවෙන් පෙරේදා (27)…

ගත්ත ගානට වැඩියෙන් මස්ක් X විකුණයි

එලොන් මස්ක් විසින් ඔහුගේ සමාජ මාධ්‍ය සමාගම වන ‘X’, ඔහුගේම කෘතිම බුද්ධි සමාගම (Artificial Intelligence Company) වන ‘xAI’ වෙත විකුණා ඇත. සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ඔහු ඊයේ (28) මේ බව තහවුරු කර ඇත. ඒ අනුව xAI සමාගම විසින් ඩොලර් බිලියන 45ක්…

“කප්රුකට සවියක් – වැඩි ඵලදාවක්” ව්‍යාපෘතියේ පොහොර සහනාධාරය ළඟදීම

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ පොල් වගා කිරිමේ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන “කප්රුකට සවියක් – වැඩි ඵලදාවක්” යටතේ පොල් වගාකරුවන් වෙත සහන මිලට පොහොර ලබාදීමේ සමාරම්භය මාර්තු 30 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. රුසියාවෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MOP පොහොර…