Month March 2025

බොහෝ ප්‍රදේශ වලට අද වැස්ස නැහැ

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ…

චීනය ගෝලීය ක්වොන්ටම් පරිගණක ක්ෂේත්‍රයේ නව සන්ධිස්ථානයකට

Zuchongzhi 3.0 නම් සුපිරි සන්නායක ක්වොන්ටම් පරිගණක මූලාකෘතියක් එළි දැක්වීමට චීන විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබෙනවා. ඒ සමඟින් ක්වොන්ටම් පරිගණක ක්ෂේත්‍රයේ නව ආරම්භයක් සනිටුහන්ව ඇති අතර මෙම ජයග්‍රහණය සුපිරි සන්නායක පද්ධති තුළ ක්වොන්ටම් පරිගණක භාවිතයේ නව වාර්තාවක් ලෙසයි සැලකෙන්නේ. චීන ක්වොන්ටම්…

ලොව විශාලතම අයිස් කුට්ටිය ගිලී යයි

ලොව විශාලතම අයිස් කුට්ටිය ලෙස සැලකෙන දුරස්ථ බ්‍රිතාන්‍ය දූපතක් දකුණු ජෝර්ජියාවෙන් ඔබ්බට නොගැඹුරු ජලයේ ගිලී ගොස් තිබෙනවා. මිලියන ගණනක් පෙන්ගුයින් සහ සීල් මත්ස්‍යයන්ගේ නිවහන වන මෙය දුරස්ථ ඇන්ටාක්ටික් දූපතක සිට කිලෝමීටර 70 ක් පමණ දුරින් ගිලී ගොස් ඇති බව සඳහන්.…

හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය වෘත්තීය සමිති වර්ජනය සැලසුම් කළ පරිදිම

හෙද, පරිපූරක වෛද්‍ය, අතුරු වෛද්‍ය ඇතුළු සෞඛ්‍ය වෘත්තීයවේදීන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති වර්ජනයේ කිසිදු වෙනසක් නොමැති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසනවා. ඒ අනුව අනිද්දා(06) පෙරවරු 08ට සිය වර්ජනය ආරම්භ කරන බවයි ඔවුන් සඳහන් කළේ.

පක්ෂ රැසක් සමග එකතුවී පොදු සන්ධානයකින් පුංචි ඡන්දයට එන පුටුව

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පක්ෂ ගණනාවක් එක්වී පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට තීරණය කර තිබෙනවා. ඔවුන් තරග වැදීමට නියමිතව ඇත්තේ පුටුව ලකුණින්. ඒ අනුව මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් පක්ෂ කිහිපයක් සමග සාකච්ඡා කිරීමට නියමිතව ඇති අතර…

දයාසිරි සමාව ගනියි

දෘෂ්‍යාබාධිත පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයට තමන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කර තිබෙනවා. කුරුණෑගල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී සිදුකළ ප්‍රකාශය තුළින් සිත් රිදවීමක් සිදුවූයේ නම් තමන් කොන්දේසි…

තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

නාම යෝජනා කැඳවීමේ දැන්වීම නිකුත් කළ පළාත් පාලන ආයතන 336 හි ඡන්ද විමසීම සඳහා තැපෑලෙන් ඡන්දය දීමට සුදුසුකම් ලැබූවන්ගේ අයදුම්පත් භාර ගැනීමේ කාල සීමාව ඊයේ (03) සිට 12 වනදා මධ්‍යම රාත්‍රි 12.00න් පසුව අවසන් වීමට නියමිත මැතිවරණ කොමිෂන් සභාව දැනුම්…

සේවා අපනයනකරුවන්ට පනවන බදු සඳහා විශේෂ වාසියක්

සේවා අපනයනකරුවන්ට පනවන බදු සඳහා විශේෂ වාසියක් ලබාදී ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසයි. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ අද (04) පාර්ලිමේන්තුවේදීය. සේවා අපනයනකරුවන් මුදල් ඉපයීමේදී පළමු 150,000 නිදහස්වන අතර, දෙවන 83,000ට සියයට 6ක් ද,…

වැලිගම පොලිසියේ වැඩබලන OIC අධිකරණයට භාර වෙයි

වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා අධිකරණයට භාර වී තිබේ. අද (04) උදෑසන ඔහු මෙලෙස අධිකරණයට භාර වී ඇත. එවකට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ සිදුවීමට අදාළව ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ නියෝගයක් ද ලැබී තිබුණි.

නව සූත්‍රයට තෙල් බෙදුම්කරුවන් එකඟ වෙයි

ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉදිරිපත් කර ඇති නව සූත්‍රයට තෙල් බෙදුම්කරුවන් එකඟතාව පළ කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු පැවසුවේ නව සූත්‍රය ක්‍රියාත්මක වන අතර බෙදුම්කරුවන්ගේ…