Month March 2025

යහපත් සමාජයකට ඉස්ලාම් දහමේ ඉගැන්වීම් පරමාදර්ශයක් වේවි-ජනපති ඊදුල් ෆිතර් සුබපැතුම් පණිවිඩයෙන් කියයි

සමාජ,ආර්ථික සහ දේශපාලන පරිවර්තන රැසක් සමඟ දියුණු ශ්‍රී ලංකාවක් පිළිබඳ මෙරට ජනතාව තැබූ අපේක්ෂා මල්ඵල ගන්වමින් නිදහස, සමානාත්මතාව, සාමූහිකත්වය සහ මානව ගරුත්වය රජයන සමාජයක් ගොඩනැඟීමට තබන පියවරේදී ඉස්ලාම් දහමේ වන ඉගැන්වීම් පරමාදර්ශයක් වනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…

ශ්‍රී ලංකාවේ සෞදි අරාබියානු තානාපති රාමසාන් උත්සවයට සුබ පතයි

ඊදුල්-ෆිතර් අවුරුදු උත්සවය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ රජයට සහ ජනතාවට සිය උණුසුම් සුබ පැතුම් පිරිනමන බව ශ්‍රී ලංකාවේ සෞදි අරාබියානු තානාපති කාලිඩ් බින් හමූද් අල්- කහ්තානි මහතා ප්‍රකාශ කරයි. මේ ආශීර්වාද ලත් සුබ අලුත් අවුරුදු උත්සවය ජනතාව අතර අලුත් කිරීම සහ…

රටේ ප්‍රජාතන්ත්‍රවාදය වල පල්ලට ගිහින් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

මෙරට ලක්ෂ 220 ජනතාවට නම් අවිධිමත් අදක්ෂ අකාර්යක්ෂම නොහැකියාවෙන් පෙළෙන රාජ්‍ය පාලනයක් රටේ පවතින බවට පෙනෙන්නට ඇති බවත් ජනාධිපතිවරයා සහ ඇමතිවරු ප්‍රමුඛ රජයේ මන්ත්‍රීවරුන්ට අනුව වැඩියෙන් කෑ ගහන තරමට හිරගෙදර යන ලැයිස්තුව නිර්මාණය කරන බවට පවසන බවත් විපක්ෂ නායක සජිත්…

යාල දිනකට පැය 2 ක් වැසෙයි

යාල ජාතික වනෝද්‍යානය සංචාරකයන් සඳහා සෑම දිනකම පැය 2ක් වසා තැබීමට තීරණය කර තිබෙයි. ඒ පවතින උණුසුම් කාලගුණයෙන් වන සතුන්ට වන පීඩා අවම කිරීම වෙනුවෙනි මේ අනුව මධ්‍යහන 12 සිට පස්වරු 2 දක්වා  වනෝද්‍යානය වසා තැබෙන බව සඳහන් වෙයි වනජීවි…

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ගැන දැනුම්දීමක්

පසුගියදා අවසන් වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අනිද්දා (01) ආරම්භ කිරීමට නියමිතව තිබෙයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඇගයීම් මධ්‍යස්ථාන 1066ක් තුළදී එම කටයුතු සිදු කරන බවයි. අප්‍රේල් 01වනදා සිට 10වනදා දක්වා පිළිතුරු පත්‍ර…

නව ජල සැපයුම් අයදුම් පත මාර්ග ගත ක්‍රමයට

නව ජල සැපයුම් ලබා ගැනීමට ඉල්ලුම් කිරීමේ ක්‍රියාවලිය මාර්ගගතව සිදු කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පහසුකම් සලසා තිබෙයි. එම මණ්ඩලය සඳහන් කළේ https://www.waterboard.lk/ වෙබ් අඩවියට පිවිසිමෙන් අදාළ අයදුම්පත් ලබා ගත හැකි බවයි. ඉල්ලීම සිදුකර සති 2ක් ගතවීමට පෙර නව ජල…

සවස 2 න් පසු ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑලිය සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. දකුණු පළාතේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලට මි.මි. 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක.…

අඩු මිලට අලිමංකඩින් එන ” රජ ලුණු “

ජාතික ලුණු සමාගමට අයත් අලිංමකඩ ලුණු ලේවායේ නව මේස ලුණු කර්මාන්තශාලාව මගින් අයඩීන් මිශ්‍ර ලුණු ”රජ ලුණු” යන නමින් කිලෝග්‍රෑම් 01 සහ ග්‍රෑම් 400 මේස ලුණු පැකට් අඩුම මිලක් යටතේ ඉදිරියේදී පාරිභෝගික ජනතාවට ලබාගැනීමට හැකියාව හිමි වනවා අලිමංකඩ ලුණු කර්මාන්තශාලාවේ…

රාමසාන් වෙනුවෙන් මුස්ලිම් පාසල්වලට දින දෙකක නිවාඩුවක්

රාමසාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පාසල් සඳහා නිවාඩු ලබා දීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා ඒ අනුව ලබන 31 වැනි දිනට අමතරව අප්‍රේල් 01 වැනි දිනද මුස්ලිම් පාසල් සඳහා නිවාඩු ලබා දීමටයි තීරණය කර ඇත්තේ එමෙන්ම මෙම නිවාඩු…

කෙහෙළියගේ තවත් ඖෂධ මගඩියක් කෝප් කමිටුවේදී හෙළිවෙයි

ජාතික ඹෟෂධ නියාමන අධිකාරියේ ඇගයීමකින් තොරව 2022 වසරේදී Savorite නැමති පුද්ගලික සමාගමට ඖෂධ වර්ග 38 ආනයනය කිරීම සඳහා ලියාපදිංචිය නිදහස් කිරීමේ සහතික නිකුත් කර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා. එමෙන්ම මෙම Savorite නැමැති පුද්ගලික සමාගම…