Month March 2025

පැය 07 ක ප්‍රකාශයක් දී කිරිවෙහෙර විහාරාධිපති හිමියෝ CID යෙන් පිටව යති

ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමි ඉන් පිටව ගොස් තිබේ. අද (11) පෙරවරුවේ උන්වහන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වැඩම කළ  අතර ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව පැය 7කට පසු උන්වහන්සේ ඉන්…

82 වියැති හිටපු කථානායක චමල් පුංචි ඡන්දෙට හම්බ­න්තො­ටින්

ඉදිරි පළාත් පාලන මැති­ව­ර­ණ­යට ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මු­ණෙන් හම්බ­න්තොට දිස්ත්‍රි­ක්ක­යට ඉදි­රි­පත් වන බව අවු­රුදු 82 ක් වන හිටපු කථා­නා­යක චමල් රාජ­පක්ෂ මහතා පැවැ­සීය. ඉදිරි පළාත් පාලන මැති­ව­ර­ණය සම්බ­න්ධ­යෙන් හම්බ­න්තො­ටදී පැවැති සාක­ච්ඡා­ව­කින් අන­තු­රුව මාධ්‍ය­යට අද­හස් දක්ව­මින් 82 හැවිරිදි චමල් රාජ­පක්ෂ මහතා…

සදා­චාර සම්පන්න රටක් ගොඩ­න­ගන්න මහා සංඝ­ර­ත්න­යට මහඟු වග­කී­මක් පැව­රෙ­නවා-ශ්‍රී ලංකා අම­ර­පුර මහා නිකායේ උත්ත­රී­තර මහා­නා­යක පද­විය පිළි­බඳ ශ්‍රී සන්නස් පත්‍රය පිළි­ග­න්ව­මින් ජන­පති කියයි

විනා­ශ­යට පත් සමා­ජය යළි සුව­පත් කර­මින් සදා­චාර සම්පන්න රටක් ගොඩ­නැ­ඟී­මේදී මෙරට මහා සංඝ­ර­ත්නය ප්‍රමුඛ ආග­මික සංස්ථා­වට අත්හළ නොහැකි මහඟු වග­කී­මක් පැවරී තිබෙන බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ඊයේ (10) ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා අම­ර­පුර මහා නිකායේ අභි­නව උත්ත­රී­තර මහා­නා­යක…

වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධියකට අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩ වර්ජනයක්

අනුරාධපුරය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධියකට විරෝධය දක්වමින් එම රෝහලේ වෛද්‍යවරුන් විසින් වර්ජනයක් ආරම්භ කර තිබේ. විරෝධයේ නිරත වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරු වහාම අත්අඩංගුවට ගන්නා ලෙසයි. 32 හැවිරිදි අදාළ වෛද්‍යවරිය ඊයේ (10) තමන්ගේ රාජකාරී කටයුතු නිමවී…

සිසුන්ට පහර දෙන ටියුෂන් සර් අත්අඩංගුවට ගැනීමට පියවර

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝවක දැක්වෙන සිසුන්ට පහර දෙන අමතර පන්ති ගුරුවරයා අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු සිදු කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි. එම අධිකාරිය පවසා ඇත්තේ, අදාළ ගුරුවරයා ට එම අධිකාරිය හමුවට පැමිණෙන ලෙස දැනුම්…

කාන්තා හිංසනයට එරෙහිව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය උද්ඝෝෂණයක

නිවසේ, කාර්යාලයේ මෙන්ම මහමග හා පොදු ප්‍රවාහන සේවාවන් වලදී කාන්තාව හිංසනයට ලක්වන බවත් ඒ සම්බන්ධයෙන් හඩක් නැගීමට නූතන කාන්තාව ශක්තිමත් වියයුතු බවත් පවසමින්, නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවක සේවිකවෝ විසින් උද්ඝෝෂණයක නිරත විය. ඊයේ (10) දින, සිය දිවා ආහාර…

නග­ර­වල CCTV දර්ශ­නත් මධ්‍ය­ගත පොලිස් දත්ත පද්ධ­ති­යට

කොළඹ නග­රයේ ඇති ආර­ක්ෂක කැමරා පද්ධ­තිය ඩිජි­ටල් කර­මින් දිව­යින පුරා නග­රා­ශ්‍රි­තව ඇති ආර­ක්ෂක කැමරා දර්ශන ද මධ්‍ය­ගත පොලිස් දත්ත පද්ධ­ති­ය­කට සම්බන්ධ කිරීම සම්බ­න්ධ­යෙන් පොලී­සියේ අව­ධා­නය යොමුව ඇත. පොලී­සියේ සමීප රූප ආවේ­ක්ෂණ කොට්ඨා­සයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී චන්දන කොඩි­තු­වක්කු මහතා ඒ…

බස් රථ මොඩිෆිකේෂන් හා සැරසිලි ගැන සෙවීමට කමිටුවක්

බස් රථ සැරසිලි සහ මොඩිෆිකේෂන් හේතුවෙන් මගී බස්රථවල ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාවට ඇතිවිය හැකි බලපෑම අධ්‍යනය කර ඒ සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග සඳහා නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙයි. පසුගිය කාලයේදී එවැනි නියෝග මඟින් ප්‍රකාශිත…

මේ රටේ උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පිළිබඳ සෑහීමකට පත් වෙන්න බැහැ – අග්‍රාමාත්‍ය

මේ රටේ උසස් අධ්‍යාපන ආයතනවල ගුණාත්මකභාවය ගැන සෑහීමකට විය නොහැකි බවත්, ඒ තත්වයට පත්වීමට පසුගිය කාලයේ සිදුවූ ආයතනික බිඳවැටීම් හේතු වී ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතනය නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ…

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට

බටලන්ද කොමිෂන් සභාව වාර්තාව  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ. අද (15) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ එම කොමිෂන් සභා වාර්තාව මෙම සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.