Month March 2025

අපි සේවකයන් සම්බන්ධයෙන් වගවෙද්දී, සේවකයෝ මහජනතාව වෙනුවෙන් තම යුතුකම් ඉටුකළ යුතුයි – ඇමති බිමල්

මාර්ග සංවර්ධන අධිකාරිය කියන්නේ, මහජනතාවට විශාල සේවයක් සපයන ආයතනයක්. එමගින් ජනතාවට සැපයෙන මූලික යටිතල පහසුකම් තුළින්, ජනතාවට සිය ආර්ථික මෙන්ම සමාජයීය මට්ටමේ සුවිශාල සංවර්ධනයක් ළඟාකර ගතහැකි වෙන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. රජයක්…

මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම් දීමක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වෙනුවෙන් නාම යෝජනා භාරදීමට අපේක්ෂිත දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් සඳහා මැතිවරණ කොමිෂන් සභාව විශේෂ පණිවුඩයක් නිකුත් කර තිබේ. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා දැනුම් දෙන්නේ ඒ අනුව නිවැරදිව හා පැහැදිලිව සම්පූර්ණ කරන…

සාමාන්‍ය පෙළ අපේක්ෂකයන්ට විශේෂ දැනුම් දීමක්

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින මෙතෙක් ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපි ලබානොගත් අපේක්ෂකයන්ට අද (15) දිනයේ දී එම ලිපි ලබාගත හැකි බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඔවුන් සඳහා ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු…

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව,මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. උතුරු-මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…

පාසල් උත්සවවලට දේශපාලනඥයන් ගෙන්වීම තහනම් කරන නීතියක් නෑ-අගමැතිනි හරිනි අමරසූරිය

පාසල් උත්සව සඳහා දේශපාලනඥයන් ගෙන්වීම වළක්වමින් නීතියක් පනවා නැති බවත්, පාසල් පද්ධතිය තුළ දේශපාලනය පාවිච්චි කිරීමෙන් වැළකීම‌ට සියලු දෙනාට වගකීමක් ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පාර්ලිමේන්තුවේදී පෙරේදා (12) ප්‍රකාශ කළාය. හිටපු කථානායක අශෝක රන්වල මහතා පාසල් ක්‍රීඩා උලෙළකට…

අනුරපුර රෝහලේ ආරක්ෂාව දැඩි කරයි-ආණ්ඩුකාරවරයා සමඟ සාකච්ඡාවකින් පසු පියවර

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන තිබේ. අනුරාධපුර ශික්ෂණ රෝහලේ ආරක්ෂක තත්ත්වය තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් උතුරුමැද පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී ඊයේ (13) පෙරවරුවේ පැවැත්විණි. පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවට…

පාකිස්තානයේ නව පෝලියෝ ආසාදිතයෝ 6ක්

පාකිස්තානයේ දීපව්‍යාප්ත පෝලියෝ වැඩසටහන් මඟින් මේ වසරේ මාර්තු මස ආරම්භ වන විට දරුවන් මිලියන 45කට වැඩි සංඛ්‍යාවකට පෝලියෝ එන්නත ලබාදීමට සමත්වූවද, ගත වූ මාස දෙකකට අධික කාලය තුළ නව පෝලියෝ රෝගීන් 6 දෙනකු හඳුනාගෙන ඇතැයි එරට සෞඛ්‍ය ඇමැති සයිඩ් මුස්තාෆා…

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ගණන් ප්‍රකාශ කරයි

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 22ක ඇස්තමේන්තු මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. අදාළ මිල ගණන් ලබන 16 වැනිදා දක්වා වලංගු වන බව සඳහන්ය.

2024 ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු නිකුත් කෙරේ

2024 වර්ෂයේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත 2025 හය ශ්‍රේණියට ශිෂ්‍යත්වධාරීන් යොමු කිරීම සඳහා තීරණය වූ පාසල් කඩඉම් ලකුණු නිකුත් කර ඇත. 2025.03.14 දින සිට සිසුන්ට ලැබී ඇති පාසල් https://gapplication.moe.gov.lk/#/ සබැඳිය වෙත පිවිසීමෙන් පරීක්ෂා කර ගත හැකි ය. 2024 පස්වන ශ්‍රේණි…

කඩුගන්නාව දුම්රිය හරස් මාර්ගය හෙට වැසේ

කඩුගන්නාව දුම්රිය හරස් මාර්ගයේ හදිසි නඩත්තු කටයුතු සඳහා හෙට (15) පෙරවරු 10:00 සිට අනිද්දා (16) පෙරවරු 06:00 දක්වා මහා මාර්ගය සම්පූර්ණයෙන්ම වාහන ගමනාගමනයට වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ප්‍රධාන දුම්රිය මාර්ගයේ කඩුගන්නාව හා පිළිමතලාව යන දුම්රිය ස්ථාන අතර…