Month March 2025

කැනඩාවේ අධිකරණ අමාත්‍ය ධුරය ලාංකික සම්භවයක් ඇති පුද්ගලයෙක්ට

කැනඩාවේ අධිකරණ අමාත්‍ය ධුරය ශ්‍රී ලාංකීක දෙමළ සම්භවයක් සහිත ගැරී ආනන්දසංගරී මහතා තෙරී පත්වී තිබේ. ඒ, අලුතින් තේරී පත් වූ කැනඩාවේ අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නිගේ පාලනය යටතේ පත්කළ නව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය ධුරයක් වීම විශේෂත්වයකි. ඒ අනුව කැනඩා ඉතිහාසයේ අධිකරණ අමාත්‍ය…

අනුරපුර රෝහලේ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව ගැන විමර්ශනයට කමිටුවක්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා නිසි ආරක්ෂාව සහ පහසුකම් සැපයීම පිළිබඳ විමර්ශනය කර වාර්තාවක් සැපයීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් ත්‍රි පුද්ගල කමිටුවක් පත් කර ඇත. එම කමිටුවේ සභාපති ලෙස වයඹ පළාත් සෞඛ්‍ය…

වගා හානි සතුන් සංගණනය සාර්ථකව

බෝග වගාවන්ට හානි කරන වන සතුන් පිළිබඳ සංගණනය අද(15) සාර්ථකව සිදුවිය. බොහෝ පිරිසක් ඒ සඳහා උනන්දුවෙන් එක්වූ බව වාර්තාවේ. සංචාරකයන් පවා සංගණනයට සහාය දැක්වු අවස්ථාවන් ද වාර්තා විය. . ජාතික සංවර්ධනයට අවශ්‍ය කෙරෙන තීන්දු තීරණ ගැනිමේ දී සතුන් පිළිබඳ නිවැරදි…

අරාබි රටවල් ලංකාවේ ආයෝජනයට ඇති විශ්වාසය තහවුරු කළා – ඇමැති විජිත හේරත්

මෙතෙක් අරාබි රටවල් ලංකාවේ ආයෝජනයට තිබූ බිය නැතිකර විශ්වාසය තහවුරු කළ බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද(15) පාර්ලිමේන්තුවේදී පැවසීය. ”එක්සත් අරාබිය සහ ලංකාව අතර ආයෝජන ශක්තිමත් කිරීම සඳහා වන කොමිසම අපි ස්ථාපිත කළා. මෙතෙක්…

මෝදි අප්‍රේල් මුල ශ්‍රී ලංකාවට

ලබන අප්‍රේල් මස මුල් දින කිහිපයේ ඉන්දීය අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා මෙරටට චාරිකාවක නිරතවීමට නියමිත බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (15) පාර්ලිමේතුවේ අදහස් දක්වමින්ය. මෙම චාරිකාවේ දී දෙරට අතර නව ගිවිසුම් කිහිපයක්…

උඩරට දුම්රියක් පීලි පනියි

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය අද(15) උදෑසන නානුඔය දුම්රිය ස්ථානය ආසන්නයේ දී පිලීපැනීමට ලක්වීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතයි දුම්රිය පාලක මැදිරිය පවසයි. භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය නානුඔය දුම්රිය…

ඒ අපරාධ වාර්තාකරණය කැතයි – ඇමති සරෝජා පෝල්රාජ්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් ලිංගික අපරාධයකට මුහුණ දුන් සිදුවීම වාර්තා කිරීමේදී ඇතැම් මාධ්‍ය නාලිකා අවම සදාචාරයවත් ආරක්ෂා කර ගැනීමට අපොහොසත් වී ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි. ලිංගික අපරාධයකට මුහුණ දුන් වින්දිතයගේ කට උත්තරය…

පාසල් ළමුන්ට ලබාදෙන වවුචර්වල වෙනසක්

රජය විසින් පාසල් සිසුන් වෙනුවෙන් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ලබා දී ඇති රුපියල් 6,000ක වවුචර්පතෙහි වලංගු කාලය දීර්ඝ කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, අද (15) දිනයේ අවසන් වීමට තිබූ වලංගු කාලය එළැඹෙන මාර්තු 31 වැනිදා…

ජනපති සහභාගීත්වයෙන් විශේෂ ඉෆ්තාර් උත්සවයක්

ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස මාසය නිමිත්තෙන් පවත්වනු ලබන ඉෆ්තාර් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (14) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. ඉස්ලාම් ආගමික නායකයින් මෙන්ම ඉස්ලාම් බැතිමතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර ඉස්ලාම් ආගමික වතාවත්වලට මුල්තැන දෙමින්…

ආර්ථික ප්‍රමුඛතා සාකච්ඡා කිරීමට අගමැති සහ ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථාන විධායක අධ්‍යක්ෂක අතර හමුවක්

ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයේ (ITC) විධායක අධ්‍යක්ෂ පැමෙලා රෝස්මේරි කෝක්-හැමිල්ටන් මහත්මිය හා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් මාර්තු 12 වැනිදා පාර්ලිමේන්තුවේදී සිදුවිය. මෙම හමුවේ දී දෙපාර්ශවය ඩිජිටල් පරිවර්තන, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධනය සහ කාන්තා ආර්ථික සවිබල ගැන්වීම ඇතුළු…