Month March 2025

මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

ගාල්ල සිට මරදාන බලා ධාවනය වන සමුද්‍ර දේවී දුම්රිය පානදුර දී කාර්මික දෝෂයට ලක්වී තිබෙයි. මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය වල ප්‍රමාදයක් සහිතව ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සවස 2 න් පසු ගිගුරුම් සහිත වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර දිස්ත්‍රික්කයේත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.…

බොක්සිං පුහුණු සැසි­ය­කදී රෝගීව දැඩි සත්කා­රයේ සිටි සෙබළා මස­කට පසු මරුට

මත්තේ­ගොඩ යුද හමුදා කඳ­වුරේ බොක්සිං පුහුණු සැසි­ය­කට සහ­භාගී වෙමින් සිටි­යදී ඇතිවූ අසා­ත්මි­ක­තා­වක් හේතු­වෙන් මාස­යක කාල­යක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒක­කයේ ප්‍රති­කාර ලබ­මින් සිටි සාමාන්‍ය සෙබ­ළකු මිය­ගොස් ඇතැයි මත්තේ­ගොඩ පොලී­සිය පව­සයි. පසුව සිදු­කළ පශ්චාත් මරණ පරී­ක්ෂ­ණ­යේදී අනා­ව­ර­ණය වී ඇත්තේ හිසට…

ජනවාරි,පෙබරවාරි මාස දෙකට සංචාරකයින්ගෙන් ඩොලර් මිලියන 700ක ආදායමක් ලංකාවට

2025 වසරේ මුල් මාස දෙක තුළ සංචාරක කර්මාන්තයෙන් අමෙරිකා ඩොලර් මිලියන 768.2 ක ආදායමක් උපයා ඇති බව නවතම මහබැංකු දත්ත පෙන්නුම් කරයි. මෙය පසුගිය වසරේ මුල් මාස දෙක තුළ ඉපැයූ ආදායමට සාපේක්ෂව සියයට 12ක වර්ධනයකි. එමෙන්ම මෙය, 2020 වසරේ සිට…

ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම පරදා කොදෙව් මාස්ටර්ස් කණ්ඩායම අවසන් මහා තරඟයට

බටහිර ඉන්දීය කොදෙව් මාස්ටර් කණ්ඩායම 2025 ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට (14) රාත්‍රීයේ සුදුසුකම් ලැබීමට සමත් විය. ඒ තියුණු තරඟයකින් පසු ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායමට එරෙහිව අවසන් පුර්ව තරඟය ලකුණු 6කින් ජය ගනිමින්ය. රායිපුර්හ…

බෙදුම්වාදීන් පැහැරගත් දුම්රිය මුදා ගැනීමේ මෙහෙයුම අවසන්

මගීහු 25ක් මරුට 300ක් බේරා ගත් බව ආරක්ෂක අංශ කියයි දෙදිනක් පුරා සිදු වූ වෙඩි හුවමාරුවකින් පසුව බලුකිස්තාන බෙදුම්වාදී සන්නද්ධ කණ්ඩායම විසින් පැහැරගනු ලැබූ දුම්රිය මුදා ගැනීමට පාකිස්තාන හමුදාව සමත්වූ බව එරට ඩෝන් පුවත් සේවය වාර්තා කළේය. පාකිස්තාන ගුවන් හමුදාව…

ඉරාක‍යේ සහ සිරියාවේ “IS” ත්‍රස්ත නායකයා ඝාතනය කෙරේ

ඉරාක‍යේ සහ සිරියාවේ “අයි එස්” ත්‍රස්තවාදි නායකයා ඝාතනය කළ බව, අමෙරිකා එක්සත් ජනපදය පවසයි. ඉරාක ජාතික බුද්ධි අංශය සහ අමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා විසින් සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී ඔහු ඝාතනයට ලක්වූ බව, ඉරාක අග්‍රාමාත්‍යවරයා ද තහවුරු කර…

උතුරු මැසිඩෝනියාවේ ගින්නකින් 51ක් මරුට

උතුරු මැසිඩෝනියාවේ සමාජශාලාවක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 51 දෙනෙක් මියගොස් තවත් සියයකට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගින්න ඇතිවන අවස්ථවේදී එහි පුද්ගලයින් 1,500කට වැඩි පිරිසක් සහභාගි වූ සංගීත ප්‍රසංගයක් පැවැත්වෙමින් තිබූ බව වාර්තා වේ. ප්‍රසංගය අතරතුර…

පුංචි ඡන්දයේ නාමයෝජනා ප්‍රතික්ෂේප වෙන හැටි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරදීම හෙට (16) සිට ආරම්භ වනවා. ඒ අනුව අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම් සිදුවිය හැකි ආකරයන් සම්බන්ධව මැතිවරණ කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ කරුණු 11ක් දක්වා ඇති අතර කිසියම් අපේක්ෂකයෙකු…

වැලිගම වෙඩි තැබීමේ සිද්ධියේ සෙසු සැකකරුවන් අත්අඩංගුවට නොගන්නා ලෙස නියෝග

අභියාචනාධිකරණයේදී ඇතිකර ගත් එකඟතාව මත මූලික විමර්ශන අවසන් වන තෙක් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇතුළු සැකකරුවන් 06 දෙනා අත්අඩංගුවට නොගන්නා ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ…