පාසල් ළමුන්ගේ ලිපි ද්‍රව්‍ය වවුචරයේ වලංගු කාලය දීර්ඝ කරයි

පාසල් ළමුන් සඳහා ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීමට ලබා දී ඇති රුපියල් 6000ක වවුචරයේ වලංගු කාලය දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඒ අනුව මේ මස 31 දිනෙන් අවසන් වීමට නියමිතව තිබූ එහි වලංගු කාලය අප්‍රේල් මස 30 වැනි දක්වා දීර්ඝ කර තිබේ.