පිටතින් ආහාර ඉල්ලූ දේශබන්දු

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින දේශබන්දු තෙන්නකෝන් මහතා, තමාට පිටතින් ආහාර ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව ඔහුගේ ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බලා හෙට (24) දිනයේ සුදුසු තීරණයක් ගන්නා බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර දින 20කට පසු දේශබන්දු තෙන්නකෝන් මහතා පසුගියදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවුණා

අනතුරුව ඔහු ලබන අප්‍රේල් මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ.