දෙවිනුවර ද්විත්ව ඝාතනයේ සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපිටදී තරුණයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලිසියට අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව ලබන 29 වනදා දක්වා ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කිරීමටයි මෙලෙස අවසර හිමිව ඇත්තේ.

මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පිරිස අතර සිටින සැකකාරිය මෙම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුගේ බිරිඳ වනවා.