සීදුව කිදිගොඩ බෙල්ලානවත්ත ප්‍රදේශයේ හෝටලක් තුළ පැවති ෆේස්බුක් සාදයක් වටලා තරුණියන් 15 දෙනෙකු ඇතුළු 76 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (22) රාත්‍රී කාලයේදී එම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
මෙම සාදයට සහභාගී වූ තරුණයන් හා තරුණයින් අයිස් මත්ද්‍රව්‍ය හා ගංජා පානය කරමින් සිට ඇති බවට තොරතුරු වාර්තා වී ඇති අතර සැකකරුවන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය, කේරළ ගංජා හා නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද දුම්වැටි ද සොයා ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් අවරුදු 18ත් 25 අතර වයස්වල පසුවන කොළඹ තදාසන්න ප්‍රදේශවල පදින්චිකරුවන් වන බව සඳහන්.
මේ සම්බන්ධයෙන් සීදූව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.