ලෝක ජල දිනය හෙට

ලෝක ජල දිනය හෙටට (22) යෙදී තිබේ. ලෝක ජල දිනය හා ජාතික ජල­ස­ම්පා­දන හා ජලා­ප­වා­හන මණ්ඩ­ල­යට අඩ­සිය වසක් පිරීම නිමි­ත්තෙන් අග්‍රා­මාත්‍ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­වි­යගේ ප්‍රධා­න­ත්ව­යෙන් විශේෂ සැම­රුම් උත්ස­ව­යක් අද (21) රත්ම­ලාන එගො­ඩ­හේන cewas සම්ම­න්ත්‍රණ ශාලා­වේදී පැවැත්වේ.

නාග­රික සංව­ර්ධන, ඉදි­කි­රීම් හා නිවාස අමා­ත්‍යාං­ශයේ මඟ­පෙ­න්වීම යටතේ ජාතික ජල­ස­ම්පා­දන හා ජලා­ප­වා­හන මණ්ඩ­ලය සංවි­ධා­නය කරන මෙම උත්ස­වය සඳහා නාග­රික සංව­ර්ධන, ඉදි­කි­රීම් හා නිවාස අමාත්‍ය අනුර කරු­ණා­ති­ලක, නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහ­ත්ව­රුන් සහ­භාගි වීමට නිය­මි­තය.