බොක්සිං පුහුණු සැසි­ය­කදී රෝගීව දැඩි සත්කා­රයේ සිටි සෙබළා මස­කට පසු මරුට

මත්තේ­ගොඩ යුද හමුදා කඳ­වුරේ බොක්සිං පුහුණු සැසි­ය­කට සහ­භාගී වෙමින් සිටි­යදී ඇතිවූ අසා­ත්මි­ක­තා­වක් හේතු­වෙන් මාස­යක කාල­යක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒක­කයේ ප්‍රති­කාර ලබ­මින් සිටි සාමාන්‍ය සෙබ­ළකු මිය­ගොස් ඇතැයි මත්තේ­ගොඩ පොලී­සිය පව­සයි.

පසුව සිදු­කළ පශ්චාත් මරණ පරී­ක්ෂ­ණ­යේදී අනා­ව­ර­ණය වී ඇත්තේ හිසට එල්ල වූ තද­බල පහ­රක් හේතු­වෙන් හිස් කබල පුපුරා ගොස් මොළ­යට රුධි­රය වෑහී­මෙන් මර­ණය සිදුව ඇති බවයි.

මෙසේ මිය­ගොස් ඇත්තේ ඇල්පි­ටිය අමු­ගොඩ, රස්ස­න්විල, ගල­හි­හේ­න්ගොඩ පදිංචි ගිගි­රි­වල ගමගේ සඳුන් විරාජ් නමැති 22 හැවි­රිදි අවි­වා­හ­ක­යකු බව පොලී­සිය කියයි.

මේ පුද්ග­ලයා 2022 වසරේ යුද හමුදා සේව­යට බැඳී ඇති අතර මත්තේ­ගොඩ යුද හමුදා කඳ­වු­රට අනු­යු­ක්තව සේවයේ නිර­තව සිටි­යදී බොක්සිං ක්‍රීඩා කිරී­මට සුදු­සු­කම් ලබා ඉකුත් පෙබ­ර­වාරී මස 10 දා එම කඳ­වුරේ එළි­ම­හන් ක්‍රීඩාං­ග­ණ­යක පුහුණු සැසි­ය­කට සහ­භාගී වී තිබේ.

පුහුණු සැසිය උදෑ­සන 6.30 සිට 7.30 දක්වා සහ සවස 3.30 සිට 4.30 දක්වා පැවැ­ත්වෙන අතර එදින පස්ව­රුවේ පැවති පුහුණු සැසි­යට සහ­භාගි වී පසුව භට නිව­ස්නයේ රැඳී සිටි­යදී තමාට හිස­ර­දය ඇති බව මිතු­ර­කුට පවසා තිබේ.

ඉන් මඳ වේලා­ව­කට පසුව වම­නය පිට වී අසා­ත්මි­ක­තා­ව­කට පත් වීමත් සමඟ ඒ බව ඉහළ නිල­ධා­රීන්ට දන්වා ප්‍රති­කාර සඳහා පනා­ගොඩ යුද හමුදා රෝහ­ලට ඇතු­ළත් කර එහිදී මූලික ප්‍රති­කාර ලබාදී පසුව නාරා­හේ­න්පිට යුද හමුදා රෝහ­ලට ඇතු­ළත් කර තිබේ.

එහෙත් මේ පුද්ග­ල­යාගේ රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා වැඩි­දුර ප්‍රති­කාර සඳහා කොළඹ ජාතික රෝහ­ලට ඇතු­ළත් කර එහිදී ශල්‍ය­ක­ර්ම­ය­කට පවා භාජ­නය කර දැඩි සත්කාර ඒක­කයේ මාස­යක කාල­යක් ප්‍රති­කාර ලබ­මින් සිටි­යදී මෙසේ මිය­ගොස් ඇති බව පොලී­සිය පව­සයි.

පසුව සිද්ධිය වාර්තා වීමත් සමඟ මත්තේ­ගොඩ පොලී­සිය පරී­ක්ෂණ ආරම්භ කළ අතර කැස්බෑව මහේ­ස්ත්‍රා­ත්ව­රයා මත්තේ­ගොඩ යුද හමුදා කඳ­වු­රට පැමිණ ස්ථානීය පරී­ක්‍ෂ­ණය සිදු කර මාලි­ගා­කන්ද මහේ­ස්ත්‍රා­ත්ව­ර­යාට දැනුම් දී තිබුණේ මෘත දේහය තැන්පත් කර ඇති කොළඹ පොලිස් මෘත ශරී­රා­ගා­ර­යට ගොස් ස්ථානීය පරී­ක්ෂ­ණ­යක් සිදු කර මෘත දේහය පිළි­බඳ පශ්චාත් මරණ පරී­ක්ෂ­ණ­යට නියෝ­ග­යක් ලබා­දෙන ලෙසයි.

ඒ අනුව මාලි­ගා­කන්ද මහේ­ස්ත්‍රා­ත්ව­රයා දුන් නියෝ­ග­ය­කට අනුව කොළඹ ජාතික රෝහලේ විශේ­ෂඥ අධි­ක­රණ වෛද්‍ය නිල­ධාරී එස්. රවී­න්ද්‍රන් මහතා කළ පශ්චාත් මරණ පරී­ක්ෂ­ණයේ වාර්තා­වට අනුව මිය­ගිය පුද්ග­ල­යාගේ හිසට තද­බල පහ­රක් වැදී හිස් කබල පුපුරා ගොස් මොළ­යට රුධි­රය වැගි­රී­මෙන් වූ මර­ණ­යක් බවට නිග­ම­නය කර තිබූ බව පොලී­සිය කියයි.

පසුව මළ සිරුර ඥාතීන්ට භාර දුන් අතර ඒ පිළි­බඳ අව­සන් කට­යුතු (15දා) ඇල්පි­ටිය නාරං­ඕ­විට පොදු සුසාන භූමි­යේදී සිදු කිරී­මට නිය­මි­තව තිබූ අතර සිද්ධිය සම්බ­න්ධ­යෙන් සාක්ෂි විම­සී­මට මිය­ගිය සෙබ­ළාගේ මවු­පි­යන් හා බොක්සිං පුහු­ණු­කරු ඇතුළු ක්‍රීඩ­ක­යන් හය දෙනෙකු (24දා) කැස්බෑව අධි­ක­ර­ණ­යට කැඳවා සාක්ෂි විම­සී­මට නිය­මි­තය.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් මත්තේ­ගොඩ පොලී­සියේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක ඉන්දික කුමාර මහ­තාගේ උප­දෙස් මත පොලිස් සැර­යන් (17429) ප්‍රසාද් ගුණ­රත්න (62371) සරත් ඇතුළු නිල­ධා­රීහු පරී­ක්ෂණ මෙහෙ­ය­වති.