නිකවැරටිය සිට කොළඹ බලා ගමන් ගත් ලංගම බස් රථයක් ආරච්චිකට්ටුව, බත්තුළුඔය ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටි පසුව වෙළෙඳසැලක හා නිවසක ගැටි අද (21) උදෑසන අනතුරක් සිදුව තිබේ.
අනතුරින් බස් රථයේ සිටී මගීන් සහ නිවසේ සිටි කුඩා දරුවෙකු ඇතුළු 21 දෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
තුවාලකරුවන් හලාවත හා මුන්දලම රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටියි
ආරච්චිකට්ටුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.