2025 පළාත් පාලන ආයතන ඡන්ද වීමසීම සඳහා නාමයෝජනා භාරගන්නා දිනයන්හි දී අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ද පැවැත්වෙන බැවින් එම සිසු සිසුවියන්ට බාධාවක් නොවන අන්දමින් හැසිරීමට නාමයෝජනා භාරදෙන සියලුම අපේක්ෂකයන් තරයේ වගබලා ගතයුතු බව මැතිවරණ කොමිසම පවසයි.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව කියා සිටියේය.
ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාව දැනුම්වත්කර ඇති බවත් එවැනි බාධාවන අන්දමින් යම් අපේක්ෂකයකු කටයුතු කළහොත් නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙසට දැනුම් දී ඇති බවත් ඒ මහතා අවධාරණය කළේය.
එමෙන්ම, නාමයෝජනා භාරගැනීම මාර්තු මස 20 වැනිදා මධ්‍යාහ්න 12 න් පසුව අවසන්වන බවත් ඉන් පසුව ද කිසිදු පෙළපාළියක්, රථවාහන පෙළපාළියක් හෝ එක්රැස්වීමක් සිදුකිරීමට නීතියෙන් අවසරයක් නැති බවද හෙතෙම කියා සිටියේය.
මේ අතර, අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මාර්තු 17 වැනිදා සිට මාර්තු 26 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය බැවින් ඒවන තෙක් ද කිසිදු අයුරකින් විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ට පීඩාකාරි ක්‍රියාවක් සිදු නොවීමට අපේක්ෂකයන් වගබලා ගතයුතු බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.