වැලිගම වෙඩි තැබීමේ සිද්ධියේ සෙසු සැකකරුවන් අත්අඩංගුවට නොගන්නා ලෙස නියෝග

අභියාචනාධිකරණයේදී ඇතිකර ගත් එකඟතාව මත මූලික විමර්ශන අවසන් වන තෙක් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇතුළු සැකකරුවන් 06 දෙනා අත්අඩංගුවට නොගන්නා ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමෙන් පසු ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසටත් නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇති බවයි.

මෙම රිට් පෙත්සම ලබන 21 වනදා අභියාචනාධිකරණයේදී කැඳවීමට නියමිතයි.