පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරදීම හෙට (16) සිට ආරම්භ වනවා.
ඒ අනුව අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම් සිදුවිය හැකි ආකරයන් සම්බන්ධව මැතිවරණ කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ කරුණු 11ක් දක්වා ඇති අතර කිසියම් අපේක්ෂකයෙකු නාමයෝජනා පත්‍රයේ අත්සන් කර නොතිබීම මගින් එම අපේක්ෂකයාගේ නම නාමයෝජනා පත්‍රයෙන් ඉවත් විය යුතු අතර මෙම නම සඳහා වෙනත් නමක් ආදේශ කිරිමට හිමිකමක් නොමැති බවයි.
එමෙන්ම අපේක්ෂකයා වෙනුවෙන් තැන්පත් කළ ඇප මුදල් රාජසන්තක වන බවද මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයේ සඳහන්.
එය පහතින්…
