වගා හානි සතුන් සංගණනය සාර්ථකව

බෝග වගාවන්ට හානි කරන වන සතුන් පිළිබඳ සංගණනය අද(15) සාර්ථකව සිදුවිය.

බොහෝ පිරිසක් ඒ සඳහා උනන්දුවෙන් එක්වූ බව වාර්තාවේ.

සංචාරකයන් පවා සංගණනයට සහාය දැක්වු අවස්ථාවන් ද වාර්තා විය. .

ජාතික සංවර්ධනයට අවශ්‍ය කෙරෙන තීන්දු තීරණ ගැනිමේ දී සතුන් පිළිබඳ නිවැරදි තොරතුරු පැවතිම අතිශයින් වැදගත් වේ.

අද පෙරවරු 8.00ත් , 8.05ත් අතර කාලය තුළ තම ගෙවත්තට පැමිණෙන මොණරුන් , රිලවුන් , දඩුලේනුන් සහ වදුරන් ගණනය කිරීම දීප ව්‍යාප්තව සිදුකෙරුණි.

වනජීවි දෙපාර්තමේන්තුව සහ සංචාරක පිරිස්වල දායකත්වයෙන් හෝටන්තැන්නේ දී ද සත්ත්ව සංගණනය සිදුකෙරුණි.