අනුරාධපුර ශික්ෂණ රෝහලේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන තිබේ. අනුරාධපුර ශික්ෂණ රෝහලේ ආරක්ෂක තත්ත්වය තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් උතුරුමැද පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී ඊයේ (13) පෙරවරුවේ පැවැත්විණි.
පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නියෝජිතවරු, පොලීසිය, අනුරාධපුර නාගරික කොමසාරිස් ඇතුළු නිලධාරීහු සහභාගි වූහ.
එහිදී රෝහල අවට ඇති ආරක්ෂාව වඩාත් තහවුරු කිරීමට අනවසර වෙළෙඳාම් සීමා කිරීමටත්, රාත්‍රී කාලයේ රෝහල් ආලෝක පද්ධතිය නවීකරණය කිරීම පිළිබඳවත් කරුණු සාකච්ඡා විය.
එමෙන්ම යතුරුපැදි හා රථවාහන ගාල් කිරීමේ ස්ථාන විධිමත් කිරීමටත් එකඟතාව පළ වී තිබේ. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාවට නැංවීමට අනුරාධපුර නාගරික කොමසාරිස් රෝයි නිශාන්ත මහතා මෙම සාකච්ඡාවේ දී එකඟතාව පළ කළේය.
මෙම තීරණ කඩිනමින් ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව ද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මෙහිදී පෙන්වා දුන්නේය. මෙම සාකච්ඡාවෙන් අනතුරුව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අනුරාධපුර ශික්ෂණ රෝහල තුළ ක්‍රියාත්මක කළ වැඩවර්ජනය ඊයේ පෙරවරු කාලයේ දී අවසන් කිරීමට එකඟතාව පළ කෙරිණි.