ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුව ඇති මැදින් පුර පසළොස්වක පොහොය අදට (13) යෙදී තිබෙනවා
බුදුරජාණන් වහන්සේ ප්‍රථම වරට තම උපන් ගම වන කිඹුල්වත් පුරයට වැඩම කිරීම සිදුකළ දිනය ලෙසටයි මැදින් පුර පසළොස්වක පොහොය සැලකෙන්නේ
ඒ අනුව බුදුරජාණන් වහන්සේ සිය නැදෑ හිතමිතුරාදින්ට සහ ජන්ම භූමියට කෘතගුණ සැලකිම සඳහා කිඹුල්වත් පුරයට වැඩම කර සුද්ධෝදන රජුට දහම් දේශනා කර ඇති බව ශාසනික ඉතිහාසයේ පැවසෙනවා
එහිදි උන්වහන්සේ විසින් සුද්ධෝදන රජතුමා ප්‍රමුඛ ශාක්‍යවාංශිකයින්ට ධර්මය දේශනා කරනු ලැබ ඇති අතර යසෝධරා දේවිය උදෙසා චන්ද කින්නර ජාතකය දේශනා කිරිම සහ රාහුල කුමාරයා සහ නන්ද කුමාරයා පැවිදි කරවිම ද මැදින් පුර පසළොස්වක දිනයේ සිදුවූ සුවිශේෂී සිදුවීමක් වනවා
මේ අතර මැදින් පුර පසළොස්වක පොහෝ ද ස්වර්ණවාහිනී අමාදහර මෙවර මහනුවර ලේවැල්ල ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනවා