මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝවක දැක්වෙන සිසුන්ට පහර දෙන අමතර පන්ති ගුරුවරයා අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු සිදු කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
එම අධිකාරිය පවසා ඇත්තේ, අදාළ ගුරුවරයා ට එම අධිකාරිය හමුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණ ද ඔහු නොපැමිණීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවය.
යෝෂිත හෙට්ටිආරච්චි නමැති උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙක් එම පන්ති අතරතුර සිසුන්ට පහර දෙන ආකාරය මෙන්ම, ඔහු සිසුවියක් ලවා තවත් සිසුවෙකුට පහර දෙන මෙන් උපදෙස් දෙන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය.
මේ සම්බන්ධයෙන් අද (11) කැබිනට් තීරණන දැනුම් දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් මාධ්‍යවේදියෙකු විමසීමක් දී ඔහු සඳහන් කළේ අදාළ ගුරුවරයා සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පියවර ගනිමින් සිටින බවය.