කොළඹ නගරයේ ඇති ආරක්ෂක කැමරා පද්ධතිය ඩිජිටල් කරමින් දිවයින පුරා නගරාශ්‍රිතව ඇති ආරක්ෂක කැමරා දර්ශන ද මධ්‍යගත පොලිස් දත්ත පද්ධතියකට සම්බන්ධ කිරීම සම්බන්ධයෙන් පොලීසියේ අවධානය යොමුව ඇත.
පොලීසියේ සමීප රූප ආවේක්ෂණ කොට්ඨාසයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහතා ඒ සම්බන්ධයෙන් අධ්‍යයනයක නිරත වීමට පොලිස් දෙපාර්තමේන්තුව මඟින් පසුගියදා චීනයේ සංචාරයක ද නිරතව තිබේ.
එම අධ්‍යයනයේදී පෙනී ගොස් ඇත්තේ පෞද්ගලික නිවාස සහ ආයතනවල පිටත මාර්ග සහ ස්ථාන ආවරණය වන කැමරා දත්ත පවා එරට පොලීසියේ ආරක්ෂක කැමරා දත්ත පද්ධතිය හා සම්බන්ධව ඇති බවය.
යම් විදේශිකයකු එරටට ඇතුළු වන අවස්ථාවේදී ඔහුගේ මුහුණේ ඡායාරූපයක් ස්යංක්රියව දත්ත පද්ධතියක් මඟින් ගුවන්තොටුපොළේදී හෝ වරායේදී ලබා ගන්නා බවත් එම ඡායාරූපය මඟින් ආරක්ෂක කැමරා දත්ත පද්ධතිය මඟින් ඕනෑම මොහොතක එම පුද්ගලයා රැඳී සිටින ස්ථානය, ආගිය තැන් මුහුණු හඳුනා ගැනීමේ පද්ධතිය හරහා හඳුනා ගැනීමට හැකියාවක් ඇති බවත් මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන කොඩිතුවක්කු මහතා පැවසීය.
කොළඹ ආරක්ෂක කැමරා පද්ධතිය ඩිජිටල් කිරීමට මේ වන විටත් රජය මඟින් මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.