ඉදිරි පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයට ඉදිරිපත් වන බව අවුරුදු 82 ක් වන හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා පැවැසීය.
ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් හම්බන්තොටදී පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් 82 හැවිරිදි චමල් රාජපක්ෂ මහතා මේ බව කීවේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට තරුණ අපේක්ෂකයන් බහුතරයක් ඉදිරිපත් කිරීමට අදහස් කරන බව ද හෙතෙම කීවේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරගකරුවන් අතර කාන්තාවන් සහ තමා වැනි ජ්‍යෙෂ්ඨ පුද්ගලයන් ද සිටින බවත් ඒ මහතා පැවැසීය. දේශපාලනයේ ඉහළ පහළ යෑම් සිදුවිය හැකි බව පැවසූ චමල් රාජපක්ෂ මහතා තමා නැවත වරක් පහළ සිට ආරම්භ කරන බව කීවේය. හිටපු කථානායකවරයා තරග කරන්නේ කුමන පළාත් පාලන ආයතනයටදැයි මාධ්‍යවේදීන් විමසා සිටියද එය හෙළි නොකළේය.