82 වියැති හිටපු කථානායක චමල් පුංචි ඡන්දෙට හම්බ­න්තො­ටින්

ඉදිරි පළාත් පාලන මැති­ව­ර­ණ­යට ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මු­ණෙන් හම්බ­න්තොට දිස්ත්‍රි­ක්ක­යට ඉදි­රි­පත් වන බව අවු­රුදු 82 ක් වන හිටපු කථා­නා­යක චමල් රාජ­පක්ෂ මහතා පැවැ­සීය.

ඉදිරි පළාත් පාලන මැති­ව­ර­ණය සම්බ­න්ධ­යෙන් හම්බ­න්තො­ටදී පැවැති සාක­ච්ඡා­ව­කින් අන­තු­රුව මාධ්‍ය­යට අද­හස් දක්ව­මින් 82 හැවිරිදි චමල් රාජ­පක්ෂ මහතා මේ බව කීවේය.

ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ හම්බ­න්තොට දිස්ත්‍රි­ක්ක­යෙන් තරග කිරී­මට තරුණ අපේ­ක්ෂ­ක­යන් බහු­ත­ර­යක් ඉදි­රි­පත් කිරී­මට අද­හස් කරන බව ද හෙතෙම කීවේය.

ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ තර­ග­ක­රු­වන් අතර කාන්තා­වන් සහ තමා වැනි ජ්‍යෙෂ්ඨ පුද්ග­ල­යන් ද සිටින බවත් ඒ මහතා පැවැ­සීය. දේශ­පා­ල­නයේ ඉහළ පහළ යෑම් සිදු­විය හැකි බව පැවසූ චමල් රාජ­පක්ෂ මහතා තමා නැවත වරක් පහළ සිට ආරම්භ කරන බව කීවේය. හිටපු කථා­නා­ය­ක­ව­රයා තරග කරන්නේ කුමන පළාත් පාලන ආය­ත­න­ය­ට­දැයි මාධ්‍ය­වේ­දීන් විමසා සිටි­යද එය හෙළි නොක­ළේය.