නග­ර­වල CCTV දර්ශ­නත් මධ්‍ය­ගත පොලිස් දත්ත පද්ධ­ති­යට

කොළඹ නග­රයේ ඇති ආර­ක්ෂක කැමරා පද්ධ­තිය ඩිජි­ටල් කර­මින් දිව­යින පුරා නග­රා­ශ්‍රි­තව ඇති ආර­ක්ෂක කැමරා දර්ශන ද මධ්‍ය­ගත පොලිස් දත්ත පද්ධ­ති­ය­කට සම්බන්ධ කිරීම සම්බ­න්ධ­යෙන් පොලී­සියේ අව­ධා­නය යොමුව ඇත.

පොලී­සියේ සමීප රූප ආවේ­ක්ෂණ කොට්ඨා­සයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී චන්දන කොඩි­තු­වක්කු මහතා ඒ සම්බ­න්ධ­යෙන් අධ්‍ය­ය­න­යක නිරත වීමට පොලිස් දෙපා­ර්ත­මේ­න්තුව මඟින් පසු­ගි­යදා චීනයේ සංචා­ර­යක ද නිර­තව තිබේ.

එම අධ්‍ය­ය­න­යේදී පෙනී ගොස් ඇත්තේ පෞද්ග­ලික නිවාස සහ ආය­ත­න­වල පිටත මාර්ග සහ ස්ථාන ආව­ර­ණය වන කැමරා දත්ත පවා එරට පොලී­සියේ ආර­ක්ෂක කැමරා දත්ත පද්ධ­තිය හා සම්බ­න්ධව ඇති බවය.

යම් විදේ­ශි­ක­යකු එර­ටට ඇතුළු වන අව­ස්ථා­වේදී ඔහුගේ මුහුණේ ඡායා­රූ­ප­යක් ස්යංක්‍රි­යව දත්ත පද්ධ­ති­යක් මඟින් ගුව­න්තො­ටු­පො­ළේදී හෝ වරා­යේදී ලබා ගන්නා බවත් එම ඡායා­රූ­පය මඟින් ආර­ක්ෂක කැමරා දත්ත පද්ධ­තිය මඟින් ඕනෑම මොහො­තක එම පුද්ග­ලයා රැඳී සිටින ස්ථානය, ආගිය තැන් මුහුණු හඳුනා ගැනීමේ පද්ධ­තිය හරහා හඳුනා ගැනී­මට හැකි­යා­වක් ඇති බවත් මේ සම්බ­න්ධ­යෙන් කළ විම­සු­ම­කදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි චන්දන කොඩි­තු­වක්කු මහතා පැව­සීය.

කොළඹ ආර­ක්ෂක කැමරා පද්ධ­තිය ඩිජි­ටල් කිරී­මට මේ වන විටත් රජය මඟින් මුදල් ප්‍රති­පා­දන වෙන් කර ඇති බව ද ඔහු වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.