සදා­චාර සම්පන්න රටක් ගොඩ­න­ගන්න මහා සංඝ­ර­ත්න­යට මහඟු වග­කී­මක් පැව­රෙ­නවා-ශ්‍රී ලංකා අම­ර­පුර මහා නිකායේ උත්ත­රී­තර මහා­නා­යක පද­විය පිළි­බඳ ශ්‍රී සන්නස් පත්‍රය පිළි­ග­න්ව­මින් ජන­පති කියයි

විනා­ශ­යට පත් සමා­ජය යළි සුව­පත් කර­මින් සදා­චාර සම්පන්න රටක් ගොඩ­නැ­ඟී­මේදී මෙරට මහා සංඝ­ර­ත්නය ප්‍රමුඛ ආග­මික සංස්ථා­වට අත්හළ නොහැකි මහඟු වග­කී­මක් පැවරී තිබෙන බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ඊයේ (10) ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා අම­ර­පුර මහා නිකායේ අභි­නව උත්ත­රී­තර මහා­නා­යක ධුර­යෙන් පිදුම් ලද රාස්ස­ගල විහාර පාර්ශ්වයේ මහා­නා­යක බළ­න්ගොඩ ශ්‍රී ධර්මා­නන්ද විද්‍යා­ය­තන පිරි­වෙන් විහා­රා­ධි­පති අති­පූජ්‍ය කර­ගොඩ උය­න්ගොඩ මෛත්‍රී­මූර්ති නාහි­මි­පා­ණන් වහන්සේ වෙත ශ්‍රී සන්න­ස්පත්‍ර පිළි­ගැ­න්වීමේ රාජ්‍ය මහෝ­ත්ස­වය කොළඹ බණ්ඩා­ර­නා­යක අනු­ස්ම­රණ ජාත්‍ය­න්තර සම්ම­න්ත්‍රණ ශාලා­වේදී ඊයේ (10) පස්ව­රුවේ පැවැති අතර ඊට එක්වෙ­මින් ජනා­ධි­ප­ති­ව­රයා මේ බව ප්‍රකාශ කර සිටි­යේය.

අභි­නව මහා­නා­යක නාහි­මි­පා­ණන් වහන්සේ වෙත ඊට අදාළ ශ්‍රී සන්න­ස්ප­ත්‍රය පිළි­ගැ­න්වීම ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා අතින් මෙහිදී සිදු කෙරිණි.

බුද්ධ­ශා­සන, ආග­මික හා සංස්කෘ­තික කට­යුතු අමාත්‍ය ආචාර්ය හිනි­දුම සුනිල් සෙනෙවි මහතා විසින් මහා­නා­යක නාහි­මි­පා­ණන් වහන්සේ වෙත විජි­නි­පත පිළි­ග­න්වනු ලැබීය.

වර්ෂ 1948 ඔක්තෝ­බර් මස 01 වැනි දින මාතර කඹු­රු­පි­ටි­යේදී උපත ලබා වර්ෂ 1962 අග්ග­මහා පණ්ඩිත බළ­න්ගොඩ ආනන්ද මෛත්‍රී නාහි­මි­පා­ණන් වහන්සේ වෙතින් ප්‍රවෘ­ජ්‍යාව ලබා උතුම් පැවිදි දිවි­යට ඇතු­ළත් වූ කර­ගොඩ උය­න්ගොඩ මෛත්‍රී­මූර්ති නාහි­මි­පා­ණන් වහ­නස්සේ  සිය හැට වස­ර­කට අධික භික්ෂු ජීවි­තය තුළ ඉටු කරන ලද ශාස­නික, ආග­මික, සමා­ජ­යීය සහ අධ්‍යා­ප­නික සේවාව අග­ය­මින් අම­ර­පුර මහා නිකාය විසින් උන්ව­හන්සේ වෙත අභි­නව මහා­නා­යක ධුරය පිළි­ග­න්වනු ලැබ තිබේ.

මෙහිදී ජනා­ධි­ප­ති­ව­රයා අව­ධා­ර­ණය කළේ ආර්ථික සහ දේශ­පා­ලන වශ­යෙන් කොප­මණ ජය­ග්‍ර­හණ ලැබූ­වද යහ­පත් සමා­ජ­යක් නිර්මා­ණය කර නොග­ත­හොත් එම කිසි­ව­කින් ඵලක් නොවන බවයි.

මෙරට කඩා­වැටී ඇති සමාජ දේහය යළි සුව­පත් කිරීම නීති­යෙන් පම­ණක් කළ නොහැකි බවත් සහ­ක­ම්ප­නය සහිත සමා­ජ­යක් රට තුළ ගොඩ­නැ­ඟිය යුතු බවත් මෙහිදී පෙන්වා­දුන් ජනා­ධි­ප­ති­ව­රයා පුර­වැ­සි­යාගේ යහ­පැ­වැත්ම වෙනු­වෙන් බුදුන් වහන්සේ ඇතුළු සියලු ආග­මික ශාස්තෘ­ව­රුන් දේශනා කළ විමු­ක්තියේ හරය පිළි­බඳ ප්‍රබල කති­කා­ව­තක් කඩි­න­මින් රටට අවශ්‍ය බවද ප්‍රකාශ කළේය.

බෞද්ධ කති­කා­වත පිළි­බඳ පනත සම්බ­න්ධ­යෙන් මේ වන විට මහා­නා­යක ස්වාමින් වහ­න්සේලා සමඟ සාකච්ඡා කර­මින් පව­තින බවත් විහාර දේවා­ල­ගම් පනතේ 41 සහ 42 වග­න්ති­වල සංශෝ­ධන කෙටු­ම්පත් කර අව­සන් බවත් ජනා­ධි­ප­ති­ව­රයා පැවැ­සීය. එය ඉතා ඉක්ම­නින් කැබි­නට් මණ්ඩ­ල­යට ඉදි­රි­පත් කර අන­තු­රුව පාර්ලි­මේ­න්තුවේ සම්මත කර සංඝ සංස්ථාව විධි­මත් කර ගැනීම සඳහා අවශ්‍ය බලය මහා­නා­යක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ සංඝ සභාව වෙත පැව­රී­මට කට­යුතු කරන බවද පැව­සීය.

මහා නා හිමි චරි­තා­ප­දා­නය ඇතුළු සමරු ග්‍රන්ථ ජනා­ධි­ප­ති­ව­රයා වෙත පිළි­ගැ­න්වී­මද මෙහිදී සිදු විය.

ශ්‍රී ලංකා අම­ර­පුර මහා නිකායේ අභි­නව උත්ත­රී­තර මහා­නා­යක කර­ගොඩ උය­න්ගොඩ මෛත්‍රී මූර්ති මහා ­නා­හිමි

1802 ආරම්භ වූ අම­ර­පුර නිකාය ලංකාව පුරා ඉතා ඉක්ම­නින් ව්‍යාප්ත වුණා. දේශීය  විහා­ර­ස්ථාන 4000කට අධික සංඛා­වක් සහ භික්ෂූන් වහ­න්සේලා 14,000කට අධික සංඛ්‍යා­වක් මෙම නියායේ වැඩ හිඳි­නවා.

රට පුරාම ගම්නි­ය­ම්ග­ම්වල විහා­ර­ස්ථාන  සංව­ර්ධ­නය කර­මින් මහ­ජ­න­තා­වගේ ජීවිත හදන්න, ශක්ති­මත් කරන්න මෙන්ම ජන­තා­වට හරි පැත්තට ගමන් කරන්න විශාල මෙහෙ­යක් අම­ර­පුර නිකායේ භික්ෂූන් වහ­න්සේලා විසින්  සිදු කර­නවා.

අම­ර­පුර මහා නිකාය වියත් පඬි­ව­රු­න්ගෙන් ශෝභ­මාන වූ නිකා­යක් ලෙසද හඳු­න්වන්න පුළු­වන්. පොල්වත්තේ බුද්ධ­දන්ත මහා නාහිමි, පැලෑනේ වජි­ර­ඥාන මහා නාහිමි, වාදී­භ­සිංහ මොහො­ට්ටි­වත්තේ ගුණා­නන්ද නාහිමි වැනි ධර්ම ඥාන­යෙන් ශෝභ­මාන වූ යතී­න්ද්‍ර­යන් වහ­න්සේලා දැක්විය හැකියි.

අම­ර­පුර නිකායේ භික්ෂූන් වහ­න්සේලා මේ ශාස­නය රැක ගැනීම වෙනු­වෙන්, ශාස්ත්‍රීය ලෝකය වෙනු­වෙන් මහඟු මෙහෙ­යක් ඉටු­කළා.

අපගේ ගුරු­දේව අග්ග­මහා පණ්ඩිත බළ­න්ගොඩ ආනන්ද මෛත්‍රීය මහා­නා­යක ස්වාමී­න්ද්‍ර­යන් වහ­න්සේට ඩඩ්ලි සේනා­නා­යක මැති­තුමා විසින් අක්ත­පත්‍ර පිරි­න­මලා මේ අම­ර­පුර  නිකායේ  සංඝ සභාව නීත්‍යා­නූ­කූ­ලව ක්‍රියා­ත්මක වීමේ අව­ස්ථා­වක් උදා කළා.

මේ සංඝ සභාවේ පස්වැනි උත්ත­රී­තර මහා­නා­යක පද­වි­යට තමයි මාව පත්කර ගත්තෙ. ඒ සඳහා ක්‍රියා කළ සියලු දෙනාට මාගේ ගෞර­වය පිරි­න­ම­නවා.

විහාර දේවා­ල­ගම් පනතේ  41/42 වගන්ති සංශෝ­ධ­නය කර තිබෙ­නවා. එය ඉක්ම­නින් පාර්ලි­මේ­න්තු­වෙන් සම්මත කරල එය ක්‍රියා­ත්මක කිරීම ඉතා වැද­ගත්. මේ ශාස­නයේ සම­හර වේලා­වට චරි­තය, ධර්මය විකෘති කර­නවා. ත්‍රෛනි­කා­යික මහා සංඝ­ර­ත්නය සමගි සම්ප­න්නව එක­මු­තුව මේ සඳහා ක්‍රියා කළ යුතුයි.

දැනු­මෙන් අලං­කෘත වූ භික්ෂු පර­පු­රක් ජාත්‍ය­න්ත­ර­යට ද දහම් පණි­වු­ඩය රැගෙන යෑම සඳහා ඇති කිරී­මයි අපේ අර­මුණ. අපගේ මෙම කටුත්ත සඳහා සහ­යෝ­ගය ලබා­දුන් ජනා­ධි­ප­ති­ව­ර­යාට, බුද්ධ ශාසන ඇමැ­ති­ව­රයා, ජනා­ධි­පති ලේක­ම්ව­රයා ඇතුළු පිරි­සට ආශි­ර්වා­දය පිරි­න­ම­නවා. සම්බුද්ධ ශාස­නය තව තව­ත­වත් ශෝභ­මාන වේවා.

අම­ර­පුර ධර්ම­ර­ක්ෂිත පාර්ශ්වයේ මහා­නා­යක අග්ග­මහා පණ්ඩිත බම්බ­ල­පි­ටිය වජි­රා­රා­මා­ධි­පති තිරි­කු­ණා­මලේ ආනන්ද මහා නාහිමි

නිකා­ය­වාදී  ප්‍රශ්න පව­ති­නවා. ජනා­ධි­ප­ති­තු­මනි අපේ භික්ෂු අධ්‍යා­ප­නය ද ප්‍රසං­වි­ධා­නය කරන්න ඕනෙ. හොඳ පැවි­ද්දන් බිහි­ක­ර­න්නට මේ අධ්‍යා­ප­න­යෙන් ලැබෙන උදව්ව මදි. අපි මේ ගැටලු විසඳා ගත යුතුයි. ජනා­ධි­ප­ති­තුමා නව ගම­නක් ආරම්භ කර තිබෙ­නවා.  මොන උත්සව තිබ්බත්, නායක පදවි තිබ්බත් අපට ඉදි­රි­යට යාම අමා­රුයි. අපේ රටේ ධර්ම­ච­ක්‍රය අපි හරි­යට යොදා­ගන්නෙ නැහැ.

ධර්ම­තා­න්ත්‍රික රාජ්‍ය­යක් නිර්මා­ණය කිරී­මට මෙම රජය ගෙන එන නව ව්‍යව­ස්ථා­වේදී අව­ධා­නය යොමු කළ යුතුයි. ධර්ම­යට මුල් තැන දී අප ක්‍රියා කළ යුතුයි. සංඝ සාම­ග්‍රිය ඉතා වැද­ගත්. ශික්ෂ­ණ­යෙන් වින­යෙන් තොරව ශාස­නයේ ඉදිරි ගම­නක් නැහැ.

ශ්‍රී ලංකා අම­ර­පුර මහා සංඝ සභාවේ මහා ලේඛ­කා­ධි­කාරී රාජ­කීය පණ්ඩිත, දර්ශ­ණ­පති  බල­පි­ටියේ සිරි සීවලී නාහිමි-

අම­ර­පුර නිකාය ආරම්භ වූයේ එදා සමා­ජයේ තිබූ දැඩි අව­ශ්‍ය­තා­වක් මත. මේක ශ්‍රී ලාංකීය භික්ෂු ශාස­නයේ හැර­වුම් ලක්ෂ­යක් ලෙස හඳු­න්වන්න පුළු­වන්. රාජ­කීය පණ්ඩිත පල්ල­ත්තර සුම­න­ජෝති නායක හාමු­දු­රුවො කිය­නවා එදා අම­ර­පුර නිකාය බිහි නොවුණා නම් ලංකා­වෙන් හරි අඩ­කට වඩා අන්‍යා­ග­මි­ක­ක­ර­ණය වන බව. කර­ගොඩ උය­න්ගොඩ මෛත්‍රී මූර්ති මහා නාහි­මි­පා­ණන් වහන්සේ ලෝ ප්‍රකට පඬි­ව­ර­යකු වූ බළ­න්ගොඩ ආනන්ද මෛත්‍රීය මහා නාහි­මි­යන්ගේ ප්‍රධාන ශිෂ්‍ය­ව­ර­යන් වහන්සේ නමක්.

ත්‍රෛනි­කා­යික මහා සංඝ­ර­ත්න­යද හිටපු ජනා­ධි­ප­ති­වරු සහ අග­මැ­ති­ව­රුද, විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා සහ රජයේ මැති ඇමැ­ති­ව­රුද විදෙස් තානා­ප­ති­වරු, මහ­කො­ම­සා­රි­ස්වරු, ජනා­ධි­පති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා­නා­යක මහතා ඇතුළු රාජ්‍ය නිල­ධා­රී­හුද විහා­රස්ථ දායක සභා සාමා­ජි­කයෝ සහ සැදැ­හැ­වත්හු පිරි­සක්ද මෙම අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

ඡායා­රූප- නිශ්ශංක විජේ­රත්න