බට­ලන්ද වාර්තා­වටත් නීතිය කඩි­නමින්-නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වට­ගල

බට­ලන්ද වාර්තා­වට අදා­ළව අධි­ක­රණ අමාත්‍ය හර්ෂණ නානා­ය­ක්කාර මහතා සමඟ සාකච්ඡා කර ආණ්ඩු­වක් ලෙස කඩි­නම් මැදි­හ­ත්වී­මක් සිදු කරන බව මහ­ජන ආර­ක්ෂක සහ පාර්ලි­මේන්තු කට­යුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වට­ගල මහතා පැව­සීය.

ඒ මහතා මෙසේ පැව­සුවේ පසු­ගි­යදා පාවෙන වෙළෙ­ඳ­සල් සංකී­ර්ණයේ නිරී­ක්ෂණ චාරි­කා­ව­කට එක්වූ අව­ස්ථාවේ මාධ්‍ය­වේ­දීන් නැඟූ ප්‍රශ්න­ව­ලට පිළි­තුරු දෙමිනි.

දේශ­බන්දු තෙන්න­කෝන් මහ­තාට හැම­දාම හැංගිලා ඉන්න බැහැ. එතු­මාට නීතිය ඉදි­රි­යට එන්න වෙනවා. පොලි­ස්පති ද, දේශ­පා­ල­න­ඥ­යාද කියලා බලන්නේ නැතිව වත්මන් රජය නීතිය ක්‍රියා­ත්මක කර­නවා. අප­රා­ධ­යක් කොයි යම් මොහො­තක හෝ මතු වෙනවා. පාස්කු දා ප්‍රහා­රය, මහ බැංකු වංචාව වගේම බට­ලන්ද සිද්ධිත් එහෙ­මයි. මහ බැංකු බැඳු­ම්කර සිද්ධි­යේදී උද­ර්පන නීතිය මත සැඟවී සිටින අර්ජුන් මහේ­න්ද්‍රන්ව මඟුල් ගෙද­රක යනවා කියලා පිටත් කළේ රනිල් වික්‍ර­ම­සිංහ. ඒ වෙලාවේ ඔහුව නීත්‍ය­නු­කූ­ලව අත්අ­ඩං­ගු­වට ගන්න පුළු­වන් බව අපි කිය­ද්දියි පිටත් කළේ. ඒවායේ පිටු­පස අප­රා­ධ­මය හැඟී­මක් තියෙ­නවා.

ඒ කාලේ දේශ­පා­ලන රශ්මි­යෙන් සැඟවී සිටි­යට, ඉදි­රියේ දී තරා­ති­රම නොතකා නීතිය ක්‍රියා­ත්මක කර­නවා. මහ බැංකු බැඳු­ම්කර සිද්ධිය, පාස්කු ප්‍රහා­රය කියන මේ අප­රාධ තුනට රනිල් වික්‍ර­ම­සිංහ වග­කි­යන්න ඕනේ නම්, ඒ අනුව කට­යුතු කර­නවා. ඒ වගේම පාවෙන වෙළ­ඳ­සල් සංකීර්ණ කඩ හිමි­යන්ගේ ප්‍රශ්න­යක් තියෙ­නවා. අවු­රුදු හත­ළිස් ගණ­නක් ඕල්කට් මාවතේ වෙළ­ඳාම් කරපු අය පාවෙන වෙළෙඳ සංකී­ර්ණ­යට ගෙනාවේ බල­හ­ත්කා­ර­යෙන්. කඩ­යක් දෙකක් ඇරලා තිබු­ණට අනික් කඩ සම්පූ­ර්ණ­යෙන් වහලා දාලා තියෙන බවයි මේ නිරී­ක්ෂණ චාරි­කා­වේදී අපි දැක්කේ. නාග­රික සංව­ර්ධන අධි­කා­රිය හරහා ජපන් ප්‍රොජෙක්ට් එකක් යෝජනා වෙලා තියෙ­නවා. මේකට දැන් ජනතා මුදල් යට කරලා ඉව­රයි. ඒ අතරේ ලොකු නාස්ති­ය­කුත් වෙලා පාඩු ලබන තැනක් විදි­හට තියෙන්නේ යැයිද ඒ මහතා කීවේය.