ගසා තීරය අඳුරු‌ වෙයි – වහා ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන්න

ගාසා තීරයේ විදුලි සැපයුම මුළුමනින්ම අත්හිටුවීමට ඊශ්‍රායලය නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය නිවේදනය කරයි.

ඒ සිය ප්‍රාණඇපයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් මුදාහැරීමට හමාස් සංවිධානය වෙත පීඩනය එල්ල කිරීමේ අරමුණිනි.

ගාසා වෙත සියලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආධාර සැපයීම අත්හිටුවා සතියක් ගතවීමටත් මත්තෙන් ඔවුන් එම පියවර ගෙන තිබේ.