සීසන් සිසුන් බස­යෙන් බැස්සවූ හැටන් ලංගම කොන්දො­ස්ත­රට විම­ර්ශ­න­යක්

වාර ප්‍රවේ­ශ­පත්‍ර අත ඇතිව පාසල නිම වී හැටන් සිට ගිනි­ග­ත්හේන දක්වා ඉකුත් (06) දා හැටන් ලංගම ඩිපෝ­වට අයත් ලංගම බස් රථ­ය­කට ගොඩවී සිටි පාසල් ළමුන් පිරි­ස­කට එම බස් රථයේ කොන්දො­ස්ත­ර­ව­රයා බැණ වැදී බස්ර­ථ­යෙන් බස්සවා හැරියේ යැයි කියන සිද්ධිය සම්බ­න්ධ­යෙන් එම කොන්දො­ස්ත­ර­ව­ර­යාට එරෙ­හිව විම­ර්ශ­න­යක් ආරම්භ කර ඇති බව හැටන් ලංගම ඩිපෝවේ සහ­කාර කළ­ම­නා­කාර (ධාවන) සමන්ත රත්නා­යක මහතා පැව­සීය.

එසේම මෙම සිද්ධිය හේතු­වෙන් එම කොන්දො­ස්ත­ර­ව­රයා රාජ­කා­රි­ව­ලින් නිද­හස් කර පොරොත්තු ලේඛ­නයේ රඳවා ඇතැයි ද ඒ මහතා සඳ­හන් කළේය.

මෙම සිද්ධි­යට අදා­ළව නාරා­හේ­න්පිට ලංගම ප්‍රධාන කාර්යා­ලයේ විම­ර්ශන අංශයේ නිල­ධා­රින් පිරි­සක් පෙරේදා (08) හැටන් ලංගම ඩිපෝ­වට පැමිණ එම කොන්දො­ස්ත­ර­ව­ර­යා­ගෙන් ප්‍රකා­ශ­යක් සට­හන් කර­ගත් බවත්, ඊට අම­ත­රව හැටන් පොලී­සිය මඟින් ද කොන්දො­ස්ත­ර­ව­ර­යා­ගෙන් ප්‍රකා­ශ­යක් සට­හන් කර­ගත් බවත් සහ­කාර කළ­ම­නා­කා­ර­ව­රයා පැව­සීය.

හැටන් ලංගම ඩිපෝ­වෙන් මස­කට රුපි­යල් ලක්ෂ පන­හක පමණ වාර ප්‍රවේශ පත්‍ර නිකුත් කරන අතර ඉන් වැඩි ආදා­ය­මක් පාසල් ළමු­න්ගෙන් ලැබෙන බවද ඔහු සඳ­හන් කළේය.

හැටන් ලංගම ඩිපෝව මඟින් දින­පතා ධාව­නය වන දුර සහ කෙටි දුර ඇතැම් බස් රථ­වල වාර ප්‍රවේශ පත්‍ර ලබා­ගෙන සිටින පාසල් ළමුන් බස් රථ­ව­ලට නංවා ගන්නේ නැතැයි එම ප්‍රදේ­ශයේ පාසල් ළමුන් සහ දෙම­වු­පියෝ නිතර කරන චෝද­නා­වකි.

හැටන් ප්‍රදේ­ශයේ සිසු සිසු­වි­යන් පිරි­සක් අදාළ බස් රථ­යට ගොඩවී සිටි­යදී එහි කොන්දො­ස්ත­ර­ව­රයා ඔවුන්ට එම බස් රථ­යෙන් බසින ලෙස කිය­මින් බැණ වදින අයුරු බසයේ සිටි අයකු වීඩී­යෝ­ගත කර මාධ්‍ය වෙත නිකුත් කර තිබිණී. එහිදී ප්‍ර‍වාහන ඇමැති බිමල් රත්නා­යක මහතා මේ සම්බ­න්ධ­යෙන් අව­ධා­නය යොමු­කර එම බස් කොන්දො­ස්ත­ර­ව­රයා සම්බ­න්ධ­යෙන් වහාම විම­ර්ශ­න­යක් කරන ලෙසට නාරා­හේ­න්පිට ලංගම ප්‍ර‍ධාන කාර්යා­ලයේ ඉහළ නිල­ධා­රින්ට උප­දෙස් ලබා දී තිබිණි.