කෘත්‍රිම බුද්ධිය ඔස්සේ (AI) තම බැංකුව සම්බන්ධයෙන් නිර්මාණය කළ සාවද්‍ය දැන්වීම් මේ දිනවල සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වන හෙයින් ඒවාට මුළා නොවන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පෙරේදා (05) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම ඉල්ලීම කළේය.මහ බැංකුව සිදු කරන කාර්යයන් සම්බන්ධයෙන් ජනතාව නොමඟ යවන සුලු ආකාරයේ ප්රවෘත්ති හා තොරතුරු මෙලෙස මහ බැංකු අධිපති ආචාර්ය පී.නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු මහ බැංකුවේ ලාංඡනය භාවිත කරමින් මේ අසත්‍ය කරුණු නිර්මාණය කර ඇත.
බැලූ බැල්මට ඒවායේ කිසිම ව්‍යාජ බවක් නොපෙනෙන මුත් ඒවා ඉතා සූක්ෂ්මව AI තාක්ෂණය ඔස්සේ නිර්මාණය කර ඇති එම සාවද්‍ය දැන්වීම්වලට මුළා නොවන ලෙස මහ බැංකුව ඉල්ලා සිටී.