ශ්රී ලංකා පොලිසියේ සිටින දක්ෂ අපරාධ මර්දන නිලධාරිනියක් වන ප්රධාන පොලිස් පරීක්ෂක අප්සරා ක්රිෂාන්ති අබේසේකර මහත්මිය පිංදෙණිය පොලිස් ස්ථානාධිපති ලෙස පත්කිරීමට ලෝක කාන්තා දිනයේදී (08) වැඩබලන පොලිස්පති නීතිඥ ප්රියන්ත වීරසූරිය මහතා පියවර ගත්තේය. කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිනිය ලෙස සේවයේ නිරතව සිටි ඇය කෑගල්ලේ සිදුවූ අබිරහස් මිනිස් ඝාතන, කොල්ලකෑම්, පැහැරගෙන යාම් ආදී විශාල අපරාධ ප්රමාණයක් විසඳා සැකකරුවන් නීතියේ රැහැනට හසුකරදීමට පෙරමුණ ගත් නිලධාරිනියකි.
ඇයත් සමඟ මේ වන විට ශ්රී ලංකා පොලිසියේ කාන්තා නිලධාරීන් දෙදෙනෙක් පොලිස් ස්ථානාධිපති ධුර දරන්නීය. දුන්ගල්පිටිය පොලිස් ස්ථානාධිපති ධුරය දරන කාන්චනා සමරකෝන් මහත්මිය ඒ අතර සිටින පළමුවැන්නියයි.