දළදා දැක්මට මහ­නු­වර පාසල් නිවාඩු

දළදා දැක්ම ක්‍රියා­ත්මක කාල­යේදී මහ­නු­වර නග­රයේ පාසල් සඳහා නිවාඩු ලබා දෙන බව බව මධ්‍යම පළාත් ආණ්ඩු­කාර මහා­චාර්ය එස්.බී.එස්.අභ­ය­කෝන් මහතා පැව­සීය.

දළදා දැක්ම සම්බ­න්ධ­යෙන් විශේෂ සාක­ච්ඡා­වක් මධ්‍යම පළාත් ආණ්ඩු­කා­ර­වර මහා­චාර්ය එස්.බී.එස්.අභ­ය­කෝන් මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් මහ­නු­වර දිස්ත්‍රික් ලේකම් කාර්යා­ල­යීය ශ්‍රව­ණා­ගා­ර­යේදී පසු­ගිය (6) වැනිදා පැවැ­ත්වුණු අතර එහිදී ආණ්ඩු­කා­ර­ව­රයා මේ බව සඳ­හන් කළේය.

එම දින කිහි­පය තුළදී මහ­නු­වර කේන්ද්‍ර කොට විශේෂ රථ වාහන සැලැ­ස්මක් ක්‍රියා­ත්මක කරන බව ද හෙතෙම කීවේය.

මෙවර දළදා දැක්ම සඳහා ලක්ෂ 20කට අධික සැදැ­හැ­ව­තුන් පිරි­සක් මහ­නු­ව­රට පැමි­ණෙ­තැයි අපේක්ෂා කරන බව ද ඒ මහතා පැව­සීය.

දින 10ක කාල­යක් පැවැ­ත්වෙන දළදා දැක්ම සඳහා පැමි­ණෙන සැදැ­හැ­ව­තුන් මාර්ග 3ක් ඔස්සේ ශ්‍රී දළදා මාලි­ගා­වට ප්‍රවේශ කර­ගන්නා බවත් ඔවුන් වෙනු­වෙන් අවශ්‍ය පහ­සු­කම් ශ්‍රී දළදා මාලි­ගාව, මධ්‍යම පළාත් සභාව, මහ­නු­වර දිස්ත්‍රික් ලේකම් කාර්යා­ලය සහ මහ­නු­වර මහ නගර සභාව ඇතුළු ආය­තන රැසක් එක්ව කට­යුතු සම්පා­ද­නය කරන බවත් ඒ මහතා කියා සිටි­යේය.

පරී­ක්ෂා­වට ලක්කර ගන්නා සැදැ­හැ­ව­තුන් දළදා වන්දනා කිරී­මෙන් අන­තු­රුව විශේෂ අමු­ත්තන්ගේ දොර­ටු­වෙන් පිටත් කරන බව පැවසූ ආණ්ඩු­කා­ර­ව­රයා ඔවුන් මහ මළුව සහ අව­න්හල දෙසින් බැහැ­රට ගමන් කළ යුතු බව ද සඳ­හන් කළේය.

මෙම සාක­ච්ඡා­වේදී විශේෂ දළදා ප්‍රද­ර්ශ­නය වෙනු­වෙන් පැමි­ණෙන බැති­ම­තුන් සඳහා පානීය ජලය, සනී­පා­ර­ක්ෂක පහ­සු­කම්, රාත්‍රී කාලයේ දී දන්සල් පැවැ­ත්වීම, දුම්රිය ඇතුළු ප්‍රවා­හන පහ­සු­කම්, ආර­ක්ෂාව, මහ­නු­වර නග­රය අලං­ක­ර­ණය කිරීම, රථ වාහන නියා­ම­නය කිරීම ඇතුළු කරුණු රැසක් සම්බ­න්ධ­යෙක් සාකච්ඡා කෙරිණි.

මෙවර මහ­නු­වර ශ්‍රී දළදා මාලි­ගා­වේදී දළදා දැක්ම වසර 10කට පසු පැව­ත්වෙන අතර එය අප්‍රේල් මස 18 සිට 27 වැනි දින දක්වා පුරා දින 10ක් පැවැ­ත්වී­මට කට­යුතු යොදා ඇත.

ඒ අනුව අප්‍රේල් 18 වැනි දින පස්වරු 3:00 සිට පස්වරු 5:30 දක්වාත් , ඉන්පසු අප්‍රේල් 19 සිට 27 දක්වා දින­පතා දහ­වල් 12:00 සිට පස්වරු 5:30 දක්වාත් දින 10ක් පැවැත්වේ.

මේ අව­ස්ථාට බදුලු මුති­යං­ගණ රජ­මහා විහා­රයේ භාර­කාර අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ කාරක සංඝ­ස­භික ආචාර්ය මුරු­ද්දෙ­ණියේ ධම්ම­රත්න හිමි, මල්වතු පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛ­කා­ධි­කාරි මහ­වෙල රත­න­පාල හිමි, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේම­සිංහ, මහ­නු­වර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩ­වත්ත, ආණ්ඩු­කාර ලේකම් මංජුලා මඩ­හ­පොළ, ප්‍රධාන හා අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ ලේකම් මධු­පානි පිය­සේන මහත්ම මහ­ත්මීන්, ආර­ක්ෂක අංශ නිල­ධා­රීන් ඇතුළු රාජ්‍ය නිල­ධා­රීහු පිරි­සක් සහ­භාගි වී සිටි­යහ.