තුන්දින ක්‍රිකට් කිරුළ බ්ලූම්ෆීල්ඩ්ට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය සංවි­ධාන කළ අන්තර් සමාජ පළමු පෙළ තුන්දින ක්‍රිකට් තර­ගා­ව­ලියේ ශූර­තාව දිනා ගැනී­මට බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමා­ජය සමත් විය. ඔවුන් මේ ශූර­තාව දිනා ගත්තේ වසර 15කට පසුව වීම කැපී පෙනේ.

කොළඹ ආර්. ප්‍රේම­දාස ක්‍රීඩාං­ග­ණ­යේදී සිවු­දින තර­ග­යක් ලෙස පැවති මේ අව­සන් තර­ගය පළමු ඉනි­මෙන් ජය ගනි­මින් බ්ලූම්ෆීල්ඩ් පිල ශූර­තාව දිනා ගත්තේය. තර­ගයේ පළමු ඉනි­මට ලකුණු 508ක් රැස් කිරී­මට බ්ලූම්ෆීල්ඩ් පිල සමත්වූ අතර, එන්සීසී පිල පළමු ඉනි­මට රැස් කළේ ලකුණු 312ක් පමණි. තර­ගය ජය පරා­ජ­යෙන් තොරව නිමා වන විට දෙවැ­නි­යට ක්‍රීඩා කර­මින් සිටි බ්ලූම්ෆීල්ඩ් පිල කඩුලු 4කට ලකුණු 242ක් රැස් කර තිබිණි.

ජය­ග්‍රාහී බ්ලූම්ෆීල්ඩ් පිලට රුපි­යල් ලක්ෂ 35ක මුද­ලක් පිරි­නැමූ අතර, අනු­ශූර එන්සීසී පිලට රු. ලක්ෂ 25ක් හිමි විය.

බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනි­මේදී ද්විත්ව ශත­ක­යක් (237) රැස් කළ රොන් චන්ද්‍ර­ගුප්ත අව­සන් තර­ගයේ වීරයා ලෙස සම්මාන දිනූ අතර, රු. ලක්ෂ හත­හ­මා­රක මුද­ලක් ද හිමි විය.

කැන්ඩි පිලේ සහන් කෝසල (722) තර­ගා­ව­ලියේ දක්ෂ­තම පිති­කරු ලෙසත්, තර­ගා­ව­ලියේ වැඩිම කඩු­ලු­ලා­භියා වූ පොලී­සියේ දිලුම් සුදීර (61) තර­ගා­ව­ලියේ දක්ෂ­තම පන්දු යවන්නා ලෙසත් සම්මාන දිනා­ගත් අතර, ඔවුන් දෙදෙ­නාට රුපි­යල් දස­ල­ක්ෂය බැඟින් හිමි විණි.

තර­ගා­ව­ලියේ දෙවැනි වැඩිම කඩු­ලු­ලා­භියා වූ බ්ලූම්ෆීල්ඩ් පිලේ රවිඳු ප්‍රනාන්දු (52) ලකුණු 415ක් ද රැස් කර­මින් දැක්වූ දස්කම් හේතු­වෙන් තර­ගා­ව­ලියේ වීරයා ලෙස සම්මාන සමඟ රුපි­යල් ලක්ෂ 15ක මුදල් ත්‍යාගය හිමි­කර ගත්තේය.

බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම – 508 (ඕවර 174) රොන් චන්ද්‍ර­ගුප්ත 237, අසිත වන්නි­නා­යක 96, හසිත බෝය­ගොඩ 52, ලහිරු මදු­ශංක 55 (ළහිරු කුමාර 87/6, අශේන් ඩැනි­යෙල් 93/2) සහ දෙවැනි ඉනිම 242/4 (ඕවර 78) අසිත වන්නි­නා­යක නොදැවී 104, නිපුන් කරු­ණා­නා­යක නොදැවී 75 (චාමික කරු­ණා­රත්න 2/18, අශේන් ඩැනි­යෙල් 42/2)

එන්සීසී පළමු ඉනිම – 312 (ඕවර 85.5) ලහිරු උදාර 145 (ජෙෆ්රි වැන්ඩර්සේ 64/4, රවිඳු ප්‍රනාන්දු 84/3)