‘ක්ලීන් ශ්‍රී ලංකා’ බළ­කාය ජන­පති හමු­වෙයි

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩ­ස­ට­හනේ වත්මන් ප්‍රග­තිය සහ ඉදිරි සැල­සුම් පිළි­බඳ ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා සහ ක්ලීන් ශ්‍රී ලංකා කාර්ය සාධක බළ­කායේ සාමා­ජි­ක­යන් අතර සාක­ච්ඡා­වක් පැවැ­ත්විණ.

මෙම සාක­ච්ඡාව පසු­ගි­යදා (07) ජනා­ධි­පති කාර්යා­ල­යේදී පැවැති අතර මෙහිදී ඒ පිළි­බ­ඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

සාමා­ජීය, පාරි­ස­රික හා ආචාර ධාර්මික පිබි­දී­මක් මගින් සමා­ජය වඩා දියුණු මට්ට­ම­කට ඔසවා තැබීමේ අර­මුණ ඉටු කර ගැනීම සඳහා ක්ලීන් ශ්‍රී ලංකා වැඩ­ස­ට­හන සැල­සුම් කිරීම, මෙහෙ­ය­වීම සහ ක්‍රියා­ත්මක කිරීම ක්ලීන් ශ්‍රී ලංකා කාර්ය සාධක බළ­කාය වෙත පවරා තිබේ. ක්ලීන් ශ්‍රී ලංකා කාර්ය සාධක බළ­කායේ සභා­පති සහ ජනා­ධි­පති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා­නා­යක, ලේකම් සහ කැඳ­වු­ම්කරු ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ අති­රේක ලේකම් ජී.එම්.ආර්.ඩී. අපොන්සු,

යුද හමු­දා­පති මේජර් ජෙන­රාල් ලසන්ත රොද්‍රිගෝ, නාවික හමු­දා­පති රියර් අද්මි­රාල් කාංචන බාන­ගොඩ, ගුවන් හමු­දා­පති එයාර් මාර්ෂල් වාසු බන්දු එදි­රි­සිංහ, වැඩ­බ­ලන පොලි­ස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති ප්‍රියන්ත වීර­සූ­රිය මහ­ත්ව­රුන් ඇතුළු ‘ක්ලීන් ශ්‍රී ලංකා’ කාර්ය සාධක බළ­කායේ සාමා­ජි­ක­යන්ද, ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ අති­රේක ලේක­ම්ව­රුන් වන කපිල ජනක බණ්ඩාර, රෝෂන් ගමගේ මහ­ත්ව­රුද, “ක්ලීන් ශ්‍රී ලංකා ” වැඩ­ස­ට­හනේ නිල­ධා­රීහු පිරි­සක්ද මෙම සාක­ච්ඡා­වට එක්ව සිටි­යහ.