සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය අත්හිටුවයි

හෙද හෙදි­යන්ගේ වැටුප් කප්පා­දු­වක් මෙවර අය-වැය මඟින් සිදු කර ඇති බවට පව­ස­මින් අද (06) රජයේ හෙද නිල­ධා­රීන්ගේ සංග­මය ක්‍රියා­ත්මක කිරී­මට නිය­මි­තව තිබූ වෘත්තීය ක්‍රියා­මා­ර්ගය තාව­කා­ලි­කව අත්හි­ටුවූ බව සංග­මයේ සභා­පති සමන් රත්න­ප්‍රිය මහතා ‘දින­මි­ණට’ ඊයේ (05) පැව­සීය.

එසේම සෞඛ්‍ය වෘත්ති­ය­වේ­දීන්ගේ සම්මේ­ල­නය ද අද (06) පැවැ­ත්වී­මට තීර­ණය කර තිබූ වෘත්තීය ක්‍රියා­මා­ර්ගය තාව­කා­ලි­කව අත්හි­ටුවූ බව එහි සම කැඳ­වු­ම්කරු චානක ධර්ම­වි­ක්‍රම මහතා ‘දින­මි­ණට’ ඊයේ (05) පැව­සීය.

සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා සමඟ තම සාමා­ජි­ක­යන් ඊයේ (05) පැවති සාක­ච්ඡා­වෙන් පසුව අදාළ වෘත්තීය ක්‍රියා­මා­ර්ගය අත්හි­ටු­වී­මට තීර­ණය කළ බව ඒ මහ­ත්වරු පැව­සූහ.

ඇමැ­ති­ව­රයා සමඟ කළ සාක­ච්ඡා­වේදී හෙද හෙදි­යන්ගේ උසස් වීම් ගැට­ලුව විස­ඳන බවට පොරොන්දු වූ බවත් දීමනා කප්පා­දු­වක් සිදු නොක­රන බවට ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කළ බවත් සමන් රත්න­ප්‍රිය මහතා ප්‍රකාශ කළේය. තවද හෙද හෙදි­යන්ට පව­තින මූල්‍ය­මය ගැටලු සම්බ­න්ධ­යෙන් මුදල් අමා­ත්‍යාං­ශයේ ලේක­ම්ව­රයා සමඟ සාක­ච්ඡා­වක් සති­යක් ඇතු­ළත ලබා­දී­මට පොරොන්දු වූයේ යැයි ද රත්න­ප්‍රිය මහතා පැව­සු­වේය.

එසේම අදාළ ගැට­ලුව සම්බ­න්ධ­යෙන් තීර­ණ­යක් ගැනී­මට මුදල් අමා­ත්‍යාං­ශය සමඟ සාකච්ඡා කළ යුතු බවත් එම සාක­ච්ඡාව වෘත්තීය සමිති නාය­ක­යන් ද සම්බන්ධ කර ගනි­මින් සිදු කරන බවට ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කළ බවත් චානක ධර්ම­වි­ක්‍රම මහතා ප්‍රකාශ කළේය.