සා/පෙළ විභා­ගය 17 දා සිට 26 දා දක්වා

අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර සාමාන්‍ය පෙළ විභා­ගය මේ මස 17 වැනිදා සිට 26 වැනිදා දක්වා විභාග මධ්‍ය­ස්ථාන 3663දී පැවැත්වේ.

මෙවර විභා­ග­යට අපේ­ක්ෂ­ක­යන් 474,147 දෙනකු පෙනී සිටින අතර විභාග අපේ­ක්ෂ­ක­යන්ගේ ප්‍රවේ­ශ­පත්‍ර මේ වන විට තැපෑ­ලට යොමු කර අව­සන් බව විභාග කොම­සා­රිස් ජන­රාල් අමිත් ජය­සු­න්දර මහතා ‘දින­මි­ණට’ ඊයේ (05) පැව­සු­වේය.

පාසල් අය­දු­ම්ක­රු­වන්ගේ ප්‍රවේ­ශ­පත්‍ර විදු­හ­ල්ප­ති­ව­රු­න්ටත් පෞද්ග­ලික අයැ­දු­ම්ක­රු­වන්ගේ ප්‍රවේ­ශ­පත් ඔවුන්ගේ පෞද්ග­ලික ලිපි­න­ව­ල­ටත් යොමු කර ඇති බව කී විභාග කොම­සා­රිස් ජන­රා­ල්ව­රයා, එහි යම් සංශෝ­ධ­න­යක් කර ගැනී­මට ඇත්නම් online ඔස්සේ මේ 10 වැනි­දාට පෙර www.doenets.lk වෙබ් අඩ­වි­යට පිවි­සී­මෙන් සිදු කර­ගත හැකි බව ද කීවේය.

සියලු පාසල් සිසුන්ගේ ප්‍රවේ­ශ­පත් ඉක්ම­නින් ඔවුන් වෙත දෙන ලෙස ද විභාග කොම­සා­රි­ස්ව­රයා විදු­හ­ල්ප­ති­ව­රුන්ට උප­දෙස් දී තිබේ.

විභා­ගයේ ප්‍රවේ­ශ­පත් නොලැ­බුණු පාසල් සිසු­වකු වේ නම් විදු­හ­ල්ප­ති­ව­රයා මඟින් විභාග දෙපා­ර්ත­මේ­න්තු­වෙන් විම­සන ලෙසත් පෞද්ග­ලික අය­දු­ම්ක­රු­වකු වේ නම් තැපැල් කාර්යා­ල­යෙන් හෝ විභාග දෙපා­ර්ත­මේ­න්තු­වෙන් හෝ විම­සන ලෙසත් විභාග කොම­සා­රි­ස්ව­රයා දැනුම් දෙයි.