මෝදි අප්‍රේල් මුල ශ්‍රී ලංකා­වට

ශ්‍රී ලංකා – ඉන්දීය ඓති­හා­සික මිතු­දම තව­දු­ර­ටත් ශක්ති­මත් කර­මින් ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි මහතා නිල සංචා­ර­යක් සඳහා ශ්‍රී ලංකා­වට පැමි­ණී­මට නිය­මි­තව තිබේ.

ඒ අනුව එළ­ඹෙන අප්‍රේල් මාසයේ මුල් භාගයේ ඒ මහතා මෙර­ටට පැමි­ණී­මට නිය­මි­තව තිබෙන අතර එහිදී ශ්‍රී ලංකා – ඉන්දීය ද්විපා­ර්ශ්වික සාකච්ඡා පැවැ­ත්වී­මට ද නිය­මිත බව වාර්තා වෙයි.

පසු­ගිය 2024 සැප්තැ­ම්බර් මාසයේ 21 වැනිදා පැවති ජනා­ධි­ප­ති­ව­ර­ණය ජය ගත් අනුර කුමාර දිසා­නා­යක මහතා සිය පළමු නිල විදෙස් සංචා­රය ලෙස එම වසරේ දෙසැ­ම්බර් මාස­යේදී ඉන්දි­යාව බලා පිටත්ව ගියේය.

එම සංචා­ර­යේදී ශ්‍රී ලංකා ජනා­ධි­ප­ති­ව­රයා සහ ඉන්දීය අග­මැ­ති­ව­රයා අතර විශේෂ හමු­වක් පැවති අතර එහිදී සංචා­ර­යක් සඳහා මෙර­ටට පැමි­ණෙන ලෙස ශ්‍රී ලංකා ජනා­ධි­ප­ති­ව­රයා ඉන්දීය අග­මැ­ති­ව­ර­යාට කළ ආරා­ධ­නය අනුව මෙම සංචා­රය සිදු­වන බව විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය පව­සයි.

කෙසේ වුවද ඉන්දීය අග­මැ­ති­ව­ර­යාගේ ශ්‍රී ලංකා සංචා­රය අත­ර­තුර ආර්ථික සබ­ඳතා ඇතුළු කරුණු ගණ­නා­වක් කෙරෙහි අව­ධා­නය යොමු­වනු ඇති අතර ඊට අම­ත­රව දෙර­ටට වැද­ගත් වන අංශ රැසක සබ­ඳතා වර්ධ­නය කර ගැනීම සම්බ­න්ධ­යෙන් ද අව­ධා­නය යොමු­වනු ඇත.

ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි මහතා මෙරට සංචා­ර­යක නිරත වන බවට මීට පෙර ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ­කො­ම­සා­රිස් කාර්යා­ලය දැනුම් දී තිබුණු අතර ඒ අනුව ඒ මහතා මීට පෙර 2015, 2017 සහ 2019 වස­ර­ව­ලදී ශ්‍රී ලංකා­වට පැමිණ තිබේ.