ට්‍රම්ප්ගෙන් හමාස් සටන්කාමීන්ට අනතුරු ඇඟවීමක්

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණඇපයේ සිටින ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් සියලුම දෙනා වහාම නිදහස් කරන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීමක් කර තිබෙයි.

එසේ නොකරන්නේ නම්, හමාස් සංවිධානය ලොකු වන්දියක් ගෙවීමට සිදුවනු ඇති බවත්, හමාස් සංවිධානය මිහිපිටින් තුරන් කරන බවත් ඇමෙරිකන් ජනාධිපතිවරයා තර්ජනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඇමෙරිකන් ජනාධිපතිවරයා මෙසේ තර්ජනය කළේ, ඇමෙරිකාවේ මැදිහත් වීමෙන්, හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර සටන් විරාම සාකච්ඡා පැවැත්වෙද්දී වීමද විශේෂත්වයකි.